කෙහෙළියගේ පෙත්සමට අධිකරණය දුන් නියෝගය මෙන්න

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට ඇප ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමේ වගඋත්තරකරුවන්ගේ විරෝධතා ගොනු කිරීමට සැප්තැම්බර් 12 වැනිදා දක්වා කල් ලබාදෙන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක (21) නියෝග කළා.

ප්‍රමි­ති­යෙන් තොර ප්‍රති­දේහ එන්නත් මෙර­ටට ආන­ය­නය කර බෙදා හැරීම සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව පසුවනවා.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය වගඋත්තරකරුවන් වෙනුවෙන් විරෝධතා ගොනු කිරීමට කල් ලබා දෙන්නැයි සඳහන් කරමින් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් විනිසුරුවරයා මෙම නියෝගය ලබාදුන්නා.

ප්‍රමි­ති­යෙන් තොර ප්‍රති­දේහ එන්නත් මෙර­ටට ආන­ය­නය කර රජයේ රෝහ­ල්ව­ලට බෙදා හැරීම මඟින් රුපි­යල් කෝටි ගණ­නක වංචා­වක් සිදු කිරීම හා රෝගී ජීවිත අනා­ර­ක්ෂිත තත්ත්ව­යට පත් කිරීමේ සිද්ධි­යට අදා­ළව බන්ධ­නා­ගා­ර­ගත කර සිටින හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙ­ළිය රඹු­ක්වැල්ලට ඇප දෙන ලෙස ඉල්ලා ඔහුගේ දියණිය විසින් ගොනු­කළ පෙත්සමක් විභා­ග­යට ගත් අව­ස්ථාවේ නීති­ප­ති­ව­රයා වෙනු­වෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල්වරිය කරුණු දැක්වීම සිදු කළා.

ඉන්දි­යානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන ඉදි­රි­ප­ත් කර ප්‍රමි­තියෙන් තොර ඉමි­යු­නෝ­ග්ලො­බියුලින් ප්‍රති­දේහ එන්නත් ආන­ය­නය කළ බවට හා ඒවා රජයේ රෝහ­ල්ව­ලට බෙදා­හැ­රීම මගින් රෝගී ජීවිත අන­තුරේ හෙලීම, රජ­යට වංචා කිරීම යන චෝද­නාව යටතේ හිටපු ඇමැති කෙහෙ­ළිය ඇතුළු 12 දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අ­ඩං­ගු­වට ගනු ලැබුවා.

රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිටින එම සැක­ක­රු­වන්ට ඕනෑම කොන්දේ­සි­යක් යටතේ ඇප දෙන ලෙස කරන ලද ඉල්ලී­මක් විභාග කළ මාලි­ගා­කන්ද මහේ­ස්ත්‍රාත් ලෝචනී අබේ­වි­ක්‍රම මහ­ත්මිය පසු­ගිය 14 වැනිදා නඩු විභා­ගය නිම ­ව­න­තෙක් විත්ති­ක­රු­වන් රිමාන්ඩ් බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස නියම කළා.

ඇප නියෝ­ගය ප්‍රකා­ශ­යට පත් කර­මින් මහේ­ස්ත්‍රා­ත්ව­රිය සඳ­හන් කළේ පොදු දේපළ පනතේ සැක­ක­රු­වකු අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර රක්ෂිත බන්ධ­නා­ගාරගත කළ විට ඇප­මත මුදා හැරීම සඳහා සුවි­ශේෂි කරුණු ඉදි­රි­පත් කිරීම අත්‍ය­වශ්‍ය බවයි.

ඒ අනුව නඩුව යළිත් සැප්තැම්බර් 12 වැනිදා කැඳවීමට නියම කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
3
+1
73
+1
1
+1
3
+1
3
+1
3
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩුබායි ෆාම් ජුමේරාවල නවතම තත්ත්වය..මුළු නගරයම පාළුවෙලා ගිහින්
01:59
Video thumbnail
මැදපෙරදිග යුද්ධය ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
03:12
Video thumbnail
අචින්ති තම්පි භවති - චින්ති තම්පි විනස්සති
01:48
Video thumbnail
රටේ පාලකයෝ මහ සංඝරත්නයට කතා කරන්නේ වනචාරීන් කියලා..සජිත් සැර වෙයි
05:28
Video thumbnail
බැලස්ටික් මිසයිල ප්‍ර#ර ෆාම් ජුමේරා අහසේදී විනාශ කළ අයුරු..යුද ගිනි දැල් ඇවිලෙන මැදපෙරදිග
01:10
Video thumbnail
තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට උපදෙසක්
04:43
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තුවට..? රනිල් දීපු උත්තරේ
01:52
Video thumbnail
JVP එකෙන් අයින්වෙලා පෙරටුගාමින්ට එකතු වෙන්න..ජවිපේ වාමාංශික නෑ..තියෙන්නේ බොරුවයි..ඉරිසියාවයි
04:26
Video thumbnail
ශම්මිට විරුද්ධව CIDයට පැමිණිල්ලක් - ජනපති ශම්මිට නැමිලා පූස් පැටියෙක් වගේ වෙලා
06:17
Video thumbnail
පිහිණුම් තටාකය වසා දැමීම නිසා පිහිණුම් ක්‍රීඩකයින් අසරණ වෙයි..ළමයින්ට මෙහෙම කරන්න එපා
07:50