Empty Ad
Empty Ad
AFC Banner

කෙහෙළියගේ පයිප්ප බට නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජනවාරි 27

2015 ජනා­ධි­ප­ති­ව­ර­ණය සමයේ දේශ­පා­ලන ක්‍රියා­කා­ර­කම් සඳහා ශ්‍රී ලංකා රූප­වා­හිනී සංස්ථා­වට අයත් රුපි­යල් 990,000ක මුද­ලක් වැය කර GI බට මිල දී ගැනී­මෙන් රජ­යට පාඩු සිදු කළ බවට චෝදනා කර හිටපු ඇමැති කෙහෙ­ළිය රඹු­ක්වැල්ල මහතා ඇතුළු තිදෙ­න­කුට එරෙහි පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන ජනවාරි 27 වැනිදා කැඳවීමට කොළඹ මහා­ධි­ක­රණ විනි­සුරු නව­රත්න මාර­සිංහ මහතා නියෝග කර තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ පසුගිය ඔක්තෝබර් 27 වැනිදා විත්තිකරුවන් හට චෝදනා කියවා දිමෙන් අනතුරුව නීති­ප­ති­ව­රයා ගොනු­කර ඇති චෝදනා 4ටම නිවැ­රැ­දි­ක­රු­වන් බව විත්ති­ක­රු­වන් මෙහිදී කියා සිටි බවයි.

ඒ අනුව මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රයා විසින් එහි සාක්ෂි කැඳ­වී­මට නියම කරනු ලැබුවා.

අද (26) නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය ආරම්භ වූ අතර වැඩිදුර සාක්ෂි විභාගය ලබන ජනවාරි 27 දක්වා කල් තැබීමට නියෝග මහාධිකරණ විනිසුරුවරයා නියම කළා.

2015 වසරේ සිට රූප­වා­හිනී සංස්ථාවේ අලෙවි අධ්‍ය­ක්ෂ­ව­රයා ලෙස කට­යුතු කළ සනත් ප්‍රියන්ත දළු­වත්ත මහතා සාක්ෂි දුන්නා.

2014 වසරේ නොවැ­ම්බර් 25 වැනි දා හෝ ඊට ආසන්න දිනෙක ජන­මාධ්‍ය ඇම­ති­ව­රයා ලෙස කට­යුතු කර­මින් රූප­වා­හිනී සංස්ථා­වට අත්‍ය­වශ්‍ය නොවන අව­ස්ථා­වක එහි ප්‍රව­ර්ධන වැඩ­ස­ට­හ­නක් සඳහා යැයි කිය­මින් රුපි­යල් 9,90,000ක මුද­ලක් වැය කර රූප­වා­හිනී සංස්ථා­වට GI පයිප්ප බට 600ක් මිල දී ගැනී­මෙන් රජ­යට පාඩු සිදු කි­රීම, ඒ සඳහා ආධාර අනු­බ­ල­දීම යටතේ අල්ලස් පනතේ ‘දූෂ­ණය’ නමැති වරද කළ බවට චෝදනා කර අල්ලස් කොමි­සම මෙම නඩුව ගොනු කර තිබෙනවා.

අල්ලස් හා දූෂණ පනත සහ දණ්ඩ නීති සංග්‍ර­හය යටතේ අධි­චෝ­දනා 4ක් යටතේ විත්ති­ක­රු­වන්ට එරෙ­හිව චෝදනා ගොනු කර තිබෙන අතර අධි­චෝ­දනා පත්‍රයේ පැමි­ණිල්ලේ සාක්ෂි­ක­රු­වන් 26 දෙනෙකු හා ලේඛන 17ක් සාක්ෂි ලෙස ඉදි­රි­පත් කර ඇති බවත් වාර්තා වනවා.

රූප­වා­හිනී සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ ජන­රාල් චන්ද්‍ර­පාල ලිය­නගේ හා එහි හිටපු සභා­පති විම­ල­සේන රූබ­සිංහ යන මහ­ත්වරු මෙම නඩුවේ සෙසු විත්ති­ක­රු­වන්.

අල්ලස් හෝ දූෂණ කොමි­සමේ සහ­කාර අධ්‍යක්ෂ ජන­රාල් අනු­රාධා සිරි­ව­ර්ධන මහ­ත්මිය පැමි­ණිල්ල මෙහෙය වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?