කෙහෙල්බද්දර පද්මේ නිළියන්ට මුදල් ලබාදී ඇද්ද යන්න පිළිබඳ විමර්ශන

සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කෙහෙල්බද්දර පද්මේ සමඟ ඩුබායිහී දී ඡායාරූපයකට පෙනී සිටි ප්‍රසිද්ධ නිළියන් හයදෙනාගෙන් පස් දෙනෙකුගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

පද්මේ විසින් එම නිළියන්ට මුදල් ලබා දී ඇද්ද යන්න පිළිබඳව විමර්ශන සිදුකරමින් පවතින බවයි විමර්ශන නිලධාරීන් පවසන්නේ.

කෙහෙල්බද්දර පද්මේ විසින් අනීතිකව උපයාගත් මුදල් එම රංගන ශිල්පිනියන්ට ලබා දී ඔවුන්ව විවිධ අයෝජන සඳහා යොමු කරනු ලැබුවේ ද පිළිබඳව ද විමර්ශන ක්‍රියාත්මක බවයි වාර්තා වුණේ.

මේ අතර කෙහෙල්බද්දර පද්මේ විසින් ගිනිඅවි ජාවාරම් කර ඇති බවට බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයට පසුගියදා තොරතුරක් ලැබී තිබුණා.

ඒ, අනුව සිදුකළ විමර්ශනවල දී මිනුවන්ගොඩ, පීල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලක් අද (01) අත්අඩංගුවට ගැනුණා.

එහිදී කෙහෙල්බද්දර පද්මෙගෙන් මිල දී ගත් බව කියන විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝලයක් සහ ජීව පතරොම් 13ක් අදාළ පුද්ගලයා සන්තයේ තිබී පොලිස් භාරයට ගැනුණා.

එම පිස්තෝල සඳහා රුපියල් ලක්ෂ 5ක් පද්මේ විසින් පළමුව ඉල්ලා ඇති අතර, පසුව එහි මිල රුපියල් ලක්ෂ තුනහමාරක් දක්වා අඩු කළ බවත් අත්අඩංගුවට ගැනුණු සැකකරු පොලිසියට පවසා තිබෙනවා.

මෙම සැකකරු කෙහෙල්බද්දර පද්මේ සමඟ සමීප සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර, තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකුගෙන් තිබුණු ජීවිත තර්ජන හේතුවෙන් මෙම අවිය මිල දී ගත් බවයි ඔහු වැඩිදුරටත් අනාවරණය කර ඇත්තේ.

මේ අතර අත්අඩංගුවට ගැනුණු එම සැකකරු පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කරන බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් හූ කියයි..ඔක්කොම හොරා කෑවා..අන්න හොරා යනවා..හූ..හූ
01:25
Video thumbnail
අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ පැය 24ම ජල කප්පාදුව වෙන්නේ මෙහෙමයි
05:21
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10