ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පස්දෙනා රැගත් ගුවන් යානය මේ වනවිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබස්වා තිබෙනවා.
ජකර්තා නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් 365 දරණ එම ගුවන් යානය අද (30) පස්වරු 7.20ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වුණා.
මේ අතර ගුවන්තොටුපොළ තුළ සහ ඉන් පිටත ආරක්ෂාව දැඩිකර ඇති බවයි ‘දසත නිව්ස්’ ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ.
මෙම අවස්ථාව නිරීක්ෂණය කිරීම සදහා මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල , පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, පොලිස් මාධ්‍ය ප්‍රකාශක වුඩ්ලර් ඇතුළු පොලීසියේ, පොලිස් විශේෂ කාර්යය බලකායේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවයි වාර්තා වුණේ.
මෙරටට රැගෙන ආ අපරාධකරුවන් පස්දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.




