කෙහෙල්බද්දර පද්මෙට පාස්පෝට් හැදීමේ චෝදනාවට ඇල්ලූ තිදෙනා ජුනි 05 තෙක් හිරේ

විදේශගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල කල්ලි නායකයකු බව කියන කෙහෙල්බද්දර පද්මේ නමැත්තාට විදේශ ගමන් බලපත්‍ර සෑදීමට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයා ඇතුළු සැකකරුවන් තුන්දෙනා ජුනි මස 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මෙම නඩුකරය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විමර්ශන නිලධාරීන් කළ ඉල්ලීමක් පිළිගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගන්නා ලද ජංගම දුරකථන හා පරිගණක රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙස නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මෙම සිද්ධියට අදාළව සැකකරුවන් හත් දෙනෙකු හඳුනාගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කරන බවත් සඳහන් කළා.

මෙම නඩුකරයට පාදක වන විදේශ ගමන් බලපත්‍ර මෙන්ම තවත් විශාල විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාවක් මෙම ජාලය හරහා නීතිවිරෝධී ලෙස සකස් කරන්නට ඇතැයි සැක කෙරෙන බව පෙන්වා දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊට අදාළව වැඩිදුර විමර්ශන සිදු කරන බවත් කියා සිටියා.

මෙම සැකකරුවන් ඇප මත මුදා හරින ලෙස ඔවුන්ගේ නීතිඥවරු ඉල්ලා සිටිය ද මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ පුද්ගල නිදහස මෙන්ම විමර්ශන සිදු කිරීම සඳහා විමර්ශකයින්ට සාධාරණ කාලයක් ලබාදීම යන කරුණු තුලනාත්මකව සලකා බලා මෙම අවස්ථාවේ දී ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි.

මෙය ඉතා සංවේදී විමර්ශනයක් යැයි පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරිය ඒ සඳහා විමර්ශකයින්ට සාධාරණ කාලයක් ලබාදිය යුතු බව සඳහන් කළා.

ඒ අනුව විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් ලබන 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC තමන්ගේ නිල නිවසේදී කතකට කළ අපරාධය.."මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09


?