කළුතර බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවන් දෙදෙනෙක් බැලීමට පැමිණි අයෙක් රැගෙන ආ කෙසෙල් ඇවරියක ඉතා සූක්ෂම ලෙස සඟවා තිබිය දී හෙරොයින් යැයි සැකකළ හැකි මත්ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා.
එම මත්ද්‍රව්‍ය අඟල් 03 සහ 04 ප්‍රමාණයේ බීම බට 16ක අසුරා තිබිය දී සොයාගත් බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක සඳහන් කළේ.
අදාළ පුද්ගලයා රැගෙන ආ ආහාර රාජකාරී නියුතු බන්ධනාගාර නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමේ දී කෙසෙල් ඇවරියක් තුළ සඟවා තිබිය දී හමුව තිබෙනවා.
මෙලෙස මත්ද්‍රව්‍ය රැගෙන රැඳවියන් බැලීමට පැමිණි පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සොයාගත් මත්ද්‍රව්‍ය ද සමඟ වැඩිදුර විමර්ශන කරයුතු සඳහා කළුතර උතුර පොලිසිය වෙත භාරදීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.
මෙම සිදුවීම සම්බන්ධනයෙන් කළුතර බන්ධනාගාරය විමර්ශණයක් ආරම්භ කළ බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.













