කෙසෙල් අස්සේ සැඟවූ හෙරොයින් බන්ධනාගාරයට යවන්න ගිහින් මාට්ටු (ඡායාරූප)

කළුතර බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවන් දෙදෙනෙක් බැලීමට පැමිණි අයෙක් රැගෙන ආ කෙසෙල් ඇවරියක ඉතා සූක්ෂම ලෙස සඟවා තිබිය දී හෙරොයින් යැයි සැකකළ හැකි මත්ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා.

එම මත්ද්‍රව්‍ය අඟල් 03 සහ 04 ප්‍රමාණයේ බීම බට 16ක අසුරා තිබිය දී සොයාගත් බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක සඳහන් කළේ.

අදාළ පුද්ගලයා රැගෙන ආ ආහාර රාජකාරී නියුතු බන්ධනාගාර නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමේ දී කෙසෙල් ඇවරියක් තුළ සඟවා තිබිය දී හමුව තිබෙනවා.

මෙලෙස මත්ද්‍රව්‍ය රැගෙන රැඳවියන් බැලීමට පැමිණි පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සොයාගත් මත්ද්‍රව්‍ය ද සමඟ වැඩිදුර විමර්ශන කරයුතු සඳහා කළුතර උතුර පොලිසිය වෙත භාරදීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

මෙම සිදුවීම සම්බන්ධනයෙන් කළුතර බන්ධනාගාරය විමර්ශණයක් ආරම්භ කළ බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27
Video thumbnail
අද මධ්‍ය රාත්‍රියේ සිට කෙටි ආහාරවල මිල ඉහළ යයි
02:12
Video thumbnail
ජාතික කොඩිය විකෘති කිරීමේ කතාව ගැන CID‍යට පැමිණිල්ලක් - "සිංහයා වෙනස් කරලා රතු පාටින් දාන්න ඕනිලු"
02:37
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර "මට මොනවත් මතක නෑ..බලනකොට බස් එක පෙරළිලා"
02:48
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25