AFC Banner
Empty Ad
Empty Ad

කෙසෙල්වත්තේ දිනුකගේ සිරුර, හොර පාරෙන් ලංකාවට ආපු හැටි හෙළි වෙයි

කෙසෙල්වත්ත දිනුකගේ මෘත ශරීරය සම්බන්ධයෙන් DNA වාර්තාවක් ලබාගැනීමට නියෝගයක් ලබාදී ඇතැයි පොලිසිය පවසනවා. එම වාර්තාව ලබාගැනීමෙන් පසු සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ. දැනට මෙම මළ සිරුර මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා. ඩුබායි රාජ්‍යයේදී මියගිය බවට සැක කෙරෙන කෙසෙල්වත්තේ දිනුක නැමති පාතාල සාමාජිකයාගේ මළ සිරුර වෙනත් නමකින් මෙරටට රැගෙන විත් ඇති බවටයි අද පැවති පොලිස් මාධ්‍ය හමුවේදී හෙළිවුයේ.

කෙසේවෙතත් මෘත ශරීරයේ මෙරට භාරකරු ලෙස හැඳින්වෙන කෙසෙල්වත්තේ දිනුකගේ මවට එවැනි නමකින් යුතු දරුවෙකු නොමැති බවට හෙළිකරගෙන තිබෙනවා. ශ්‍රී ලන්කන් ගුවන් භාණ්ඩ සේවාව ඔස්සේ දිවයිනට රැගෙන විත් ඇති මෙම මෘත දේහය මේ වන විට කටුනායක ශ්‍රී ලන්කන් ගුවන් භාණ්ඩ සේවාව සතු ගුදමේ තැන්පත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ. මළ සිරුර සම්බන්ධයෙන් මීගමුව අධිකරණයෙන් ලබාගන්නා නියෝගයක් මත DNA සහ ඇඟිලි සලකුණු පරීක්ෂණයක් සිදු කර අනන්‍යතාව සහතික කර ගැනීමෙන් පසු ඉදිරි කටයුතු  සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

කොළඹ ප්‍රසිද්ධ මල් ශාලාවක් භාරයේ මෙම සිරුර දිවයිනට රැගෙන විත් ඇති අතර දැනට පවතින කොවිඩ් 19 නීති රීති අනුව අදාළ මළ සිරුර මීගමුව ප්‍රදේශය තුල භූමදානය හෝ ආදාහනය කළ යුතු බව ද  ඔහු කියාසිටියා. කෙසෙල්වත්ත දිනුක සම්බන්ධයෙන් මෙතෙක් සිදුකරන ලද පරීක්ෂණවලදී ඔහු මාකඳූරේ මදුෂ් නැමති පාතාල සාමාජිකයා සමග සමීප සබඳතා පවත්වා ඇති බවට හෙළිවී ට තිබෙනවා. ඒ අනුව පොලිසිය සැක කරන්නේ කෙසෙල්වත්තේ දිනුක මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා ද සම්බන්ධවී ඇති බවටයි.ඒ අනුව පොලිසිය සැක කරන්නේ කෙසෙල්වත්තේ දිනුක මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා ද සම්බන්ධවී ඇති බවටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48
Video thumbnail
AKDට නුගේගොඩ විජයග්‍රාහී අවසන් මහ රැළියේදී උණුසුම් පිළිගැනීමක් #akd #npp #anurakumaradissanayake
01:56

?