Empty Ad
AFC Banner
Empty Ad

කෙටි කාලයක් තුළ රටේ ස්ථාවර භාවයක් ඇති කළා – ජනපති අනුර

මාස 04ක් වැනි කෙටි කාලයක් තුළ සුබවාදී ආනගතයකට යා හැකි බවට විශ්වාසයක් ගොඩනැගෙන තරමේ ස්ථාවර භාවයක් රට තුළ නිර්මාණය කිරීමට ආණ්ඩුවට හැකි වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

අයවැය කාරක සභා විවාදයේ අවසන් දිනය වන අද (21) දිනයේ පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මේ අතර මාර්තු මස 17 වනදා වනවිට විදෙස් සංචාරකයින් 610,000 වැඩි ප්‍රමාණයක් දිවයිනට පැමිණි බව සඳහන් කළ ජනාධිපතිවරයා මෙම වසර සංචාරකයින් පැමිණීමේ වාර්තාගත වසරක් වනු ඇති බවයි පැවසුවේ.

එමෙන්ම මාස පසුගිය මාස 02 තුළ පමණක් ඩොලර් මිලියන 1,121ක් විදෙස් ප්‍රේෂණ ලෙස රට තුළට ලැබී ඇති බව ද ජනාධිපතිවරයා මෙහිදී අනාවරණය කර සිටියා.

මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යශයේ වැය ශීර්ෂ විවාදය පැවැත්වෙන අද දිනයේ අයවැය පිළිතුරු කතාව සිදුකිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා අද (21) පස්වරු 5.40ට පමණ පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?