කෘෂිකර්ම ඇමතිගෙන් එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයට ව්‍යාපෘති වාර්තාවක්

එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආහාර කෘෂිකර්ම ප්‍රවර්ධනය සඳහා ජාන සම්පත් යොදාගැනීම පිළිබඳ 19 වන සැසිවාරය මේ දිනවල ඉතාලියේ රෝම නගරයේ පිහිටි එක්සත් ජාතින්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මුලස්ථානයේ දී පැවැත් වෙනවා.

මෙම සැසිවාරය ජුලි 17 දින ආරම්භ වූ අතර එය අද (21) දින දක්වා පැවැත්වෙන බවයි වාර්තා වුණේ.

මේ සඳහා සහභාගි වීම සඳහා මෙරට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ද රෝමය බලා පිටත්ව ගොස් තිබෙනවා.

සැසිවාරයට සහභාගී වී සිටින අමාත්‍ය මහින්ද අමරවීර, එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Qu Dongyu හමුවුණා.

මෙහිදී එක්සත් ජාතින්ගේ ආහාර කෘෂිකර්ම සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නංවාලීම සඳහා ලබාදෙන සහයෝගය අමාත්‍යවරයා ඇගයීමට ලක් කළා.

දැනට වසර කිහිපයක සිට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුධකාරී තත්ත්වය තුළ රටට අවශ්‍ය ආහාර නිෂ්පාදනයේ දී ගොවි ජනතාවට අවශ්‍ය පොහොර, බීජ මෙන්ම තාක්ෂණික උපකාර හා මුල්‍ය ප්‍රතිපාදන ලබාදීමේ දී එම සංවිධානය විශාල සහයෝගයක් ලබාදුන් බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.

එමෙන්ම ඉදිරියට ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය සඳහා අත්‍යවශ්‍ය වන වී ප්‍රභේද සංවර්ධනය හා සහල් නිෂ්පාදන අංශයේ ඵලදායීතාවය ඉහළ නැංවීම සඳහා එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහයෝගය ලබාගැනීම සදහා අමාත්‍යවරයා විසින් ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබුවා.

මීට අමතරව ශ්‍රී ලංකාවේ තරුණ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනයට සමගාමීව කාන්තාවන් කෘෂි ව්‍යවසායකයින් ලෙස යොමු කිරීමට ඔවුන් උනන්දු කිරීමේ වැඩ පිළිවෙළක් ද ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.

කෘෂිව්‍යවසායකයින් ලෙස කාන්තාවන් අභිප්‍රේරණය කිරීමේ වැඩ පිළිවෙළට එක්සත් ජාතින්ගේ ආහාර කෘෂිකර්ම සංවිධානයේ සහයෝගය ලබාදෙන ලෙසයි අමාත්‍යය මහින්ද අමරවීර එහිදී ඉල්ලා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?