කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් තනතුරට වික්‍රමආරච්චි පත් කෙරේ

පුරප්පාඩු වී ඇති කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා දැනට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තනතුරක සේවය කරනු ලබන ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි ආචාර්ය ඩබ්ලිව්.ඒ.ආර්.ටී. වික්‍රමආරච්චි මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම සිදු කර තිබෙනවා.

එම පත් කිරීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද බවයි වාර්තා වන්නේ.

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙහි සේවය කරන ලද ආචාර්ය ඊ.ආර්.එස්.පී.එදිරිමාන්න මහත්මිය 2025-05-18 දින සේවයෙන් විශ්‍රාම යාම මීට හේතුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?