කෘෂිකර්මාන්තය දියුණු නොකර ගම දියුණු කරන්න බැහැ – ජනපති

කෘෂිකර්මාන්තය දියුණු නොකර ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ, අනුව රජයේ කෘෂි නවීකරණ වැඩසටහන ඇතුළු ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමට රජය ආරම්භ කළ සියලු වැඩසටහන් සාර්ථක කර ගැනීමට බිම් මට්ටමේ රාජ්‍ය නිලධාරීන්ගේ කැපවීම අත්‍යාවශ්‍ය බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ නව ග්‍රාම නිලධාරීන් ලෙස බඳවාගත් 2100 කට පත්වීම් ලිපි ප්‍රදානය වෙනුවෙන් අද (08) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති උත්සවයට එක්වෙමින්.

විභාග දෙපාර්තමේන්තුව විසින් 2023 වසරේ දෙසැම්බර් මස 02 වනදා පවත්වන ලද ග්‍රාම නිලධාරී විභාගයේ ප්‍රතිඵල අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් වැඩිම ලකුණු ලබා ගත් අයැදුම්කරුවන් අතරින් 2100ක් වෙනුවෙන් ග්‍රාම නිලධාරී පත්වීම් ප්‍රදානය සිදු කෙරුණා.

අඩු ආදායම් ලාභී ජනතාව නගා සිටුවීමට රජය ආරම්භ කර ඇති අස්වැසුම, උරුමය ඇතුළු වැඩසටහන් පිළිබඳ මෙහිදී නව ග්‍රාම නිලධාරීන් දැනුවත් කළ ජනාධිපතිවරයා මෙම සියලු වැඩසටහන්වල අරමුණ ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීම බවත්, තම ප්‍රදේශයේ ආර්ථිකය දියුණු කිරීම වෙනුවෙන් එම වැඩසටහන් සමඟ සක්‍රීයව එක්වන ලෙසත් ඉල්ලා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ.

“අද ග්‍රාම නිලධාරීවරුන් ලෙස පත්වීම් ලබන ඔබ සියලුදෙනාට මම සුබ පතනවා. අද සිට ඔබ රාජ්‍ය සේවයේ සාර්ථක කොටස්කරුවන් බවට පත් වෙනවා. අප උත්සාහ කරන්නේ මේ රටේ සියලු ජනතාවගේ ජිවිත ගොඩනැංවීමටයි. එහි විශාල වගකීමක් රටේ මූලික පරිපාලන අංශය වන ග්‍රාම නිලධාරි කොට්ඨාසය ලෙස ඔබට පැවරෙනවා.කඩා වැටීමට ලක්වූ මෙරට ආර්ථිකය අද සීග්‍රයෙන් දියුණු කිරීමේ වැඩපිළිවෙළ අප ක්‍රියාත්මක කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අප මේ වන විට ගිවිසුමකට එළැඹ තිබෙන අතර තවත් කොන්දේසි ගණනාවක් ක්‍රියාත්මක කිරීමට තිබෙනවා.වත්මන් සංවර්ධන වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙන්නේ ගම කේන්ද්‍ර කර ගනිමිනුයි. පසුගිය 2022, 2023 වසරේ යල කන්නයේ සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට අපට හැකි වුණා. ඒ වගේම 2023 වසරේ මහ කන්නයේදී නැවත සාර්ථක අස්වැන්නක් ලැබුණා. මෙම දායකත්වය නිසා අද අපට ආර්ථික වශයෙන් ශක්තිමත් වීමට හැකියාව ලැබී තිබෙනවා.
මේ සමඟ අද ග්‍රාම නිලධාරි සේවයට 2100ක් බදවා ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට අපට අවස්ථාව ලැබුණා. පරිපාලන කටයුතු පමණක් නොවෙයි ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමේ වැඩපිළිවෙළේ වගකීමත් ඔබට පැවරෙනවා. විශේෂයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ග්‍රාම නිලධාරීන් එක්ව කටයුතු කළ යුතු අංශ 04ක් පිළිබඳව මම මෙහිදී පෙන්වා දීමට මම කැමතියි. අඩු ආදායම් ලාභී ජනතාව නගාසිටුවීම වෙනුවෙන් රජය අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. සමෘද්ධිය මෙන් තුන් ගුණයක් වැඩිකර එම දීමනාව ලබාදීමට කටයුතු කර තිබෙනවා. එම ප්‍රතිලාභීන් පිළිබඳ තොරතුරු පරිගණක ගත කිරීම මේ වසර අවසන්වන විට නිමා කළ යුතුයි. එවිට ලබන වසරේ සිට මෙම වැඩසටහන මීට වඩා පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි වෙනවා. ඒ අනුව අස්වැසුම මඟින් ගමට ලබාදෙන සහන ප්‍රමාණය වැඩි වී තිබෙනවා වගේම ප්‍රතිලාභීන් ප්‍රමාණය ඉහළ නැංවිමට අප තීරණය කර තිබෙනවා.
ඒ, වගේම මෙම ජනතාවගේ ආදායම් මාර්ග ද ඉහළ නැංවීමට කටයුතු කළයුතුයි. එම ආදායම් ද ගමේ ආර්ථිකයට එක් වෙනවා. ඒ වගේම අඩු ආදායම්ලාභීන්ට පසුගිය අලුත් අවුරුදු සමයේ මාස දෙකක් සහල් කිලෝ 10 බැගින් ලබාදීම ආරම්භ කළා. එමඟින් මෙම ජනතාවට තවත් සහනයක් ලැබෙනවා වගේම මෙම සහල් මිලදී ගනු ලැබුවේ කුඩා මෝල් හිමියන්ගෙන් බැවින් ඔවුන්ටද යම් සහනයක් ලැබී තිබෙනවා. මේ මුදල් සියල්ල හුවමාරු වන්නේ ගම තුළයි. ගම දියුණු කිරීමට නම් මෙම වැඩකටයුතු ඉදිරියට කරගෙන යා යුතුයි. ඒ වගේම ජනතාවගේ සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමේ වැඩපිළිවෙළ අප ආරම්භ කර තිබෙනවා. මෙම ඉඩම් අයිතිය සමඟ ඔවුන්ගේ ආර්ථිකයේ විශාල වෙනසක් සිදු වෙනවා. මෙම ප්‍රතිලාභය හිමිවන්නේ ද ගමටයි. එසේම කෘෂි නවීකරණ වැඩසටහන හරහා ගමේ ආර්ථිකය ශක්තිමත් වෙනවා. අතීතයේ රජ රට ප්‍රදේශයේ කාෂිකර්මන්තයෙන් සශ්‍රීකව පැවතුණා. දඹදෙණියේ සිට මහනුවර දක්වා තෙත් කලාපයේ කුරුදු ඇතුළු කුළු බඩු වගා කෙරුණු අතර එහි අපනයන ආර්ථිකයක් පැවතුණා. බ්‍රිතාන්‍ය පාලන සමයේ තේ, රබර්, පොල් අපනයනය කළා.
නැවත රටේ ආර්ථිකය දියුණු කිරීමට නම් කෘෂිකර්මාන්තය දියුණු කළ යුතුයි. ඒ නිසා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් මෙම වැඩකටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. ගොවි ජන සේවා මධ්‍යස්ථාන මට්ටමින් කෘෂි නවීකරණ කමිටු පත් කර ගොවීන් ඒකරාශී කර ගනිමින් පුද්ගලික අංශයේ ද දායකත්වයෙන් ගමේ කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට අප ආරම්භ කර තිබෙනවා. දැනට ප්‍රාදේශීය ලේකම් කාර්යාල 25ක් මේ සඳහා හඳුනාගෙන තිබෙන අතර මිලියන 25 බැගින් ලබා දී තිබෙනවා. ඉදිරි වසර වන විට මේ සඳහා යොදා ගන්නා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සංඛ්‍යාව 100ක් බවට පත් කිරීමට අපේක්ෂා කරනවා.
ගමේ කෘෂිකර්මය දියුණු නොකොට ගමේ දුප්පත්කම නැති කරන්න බැහැ. එසේ නම් කෘෂි නවීකරණ වැඩසටහන සමඟ අප ඉදිරියට යා යුතුයි. දකුණේ ඇතැම් ප්‍රදේශ සංචාරක ව්‍යාපාරය නිසා දියුණු වී තිබෙනවා. මේ සියලු වැඩසටහන්වල අරමුණ ගමේ ආර්ථිකය නගා සිටුවීමයි. තමන්ගේ ප්‍රදේශයේ ආර්ථිකය දියුණු කිරීම වෙනුවෙන් ඔබ සියලුදෙනා ද මෙම කටයුතු සඳහා සම්බන්ධ විය යුතුයි.ඒ වගේම ග්‍රාමීය අධ්‍යාපනය සහ සෞඛ්‍ය දියුණු කිරීමේ වැඩපිළිවෙළ අප ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා ද ඔබගේ සහභාගීත්වය අවශ්‍යයි. උරුමය වැඩසටහනට අදාළ ඉඩම් ඔප්පු ලබාදීමේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා ජංගම සේවයක් ක්‍රියාත්මක කිරීමට අගමැතිතුමා ද සමඟ සාකච්ඡා කර අප සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ඉදිරි මාස දෙක තුළදි මෙම ඉඩම් ඔප්පු සියල්ල ලබා දී අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34