spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කෘතීම රා නිෂ්පාදනයට අලි නිර්වින්දන ඖෂධ?

අක්‍රමිකතා රැසක් හේතුවෙන් රජයට වසරකට රුපියල් බිලියන 130 කට වඩා වැඩි සුරා බදු මුදලක් අහිමිවන බව ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍ර ලාභීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ඩලස් ප්‍රනාන්දු මහතා පවසනවා.

සුරාබදු පනත බරපතළ ආකාරයෙන් උල්ලංඝනය කරමින් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන් නිෂ්පාදන සමාගම්වලට මත්පැන් සිල්ලර අළෙවිය සඳහා බලපත්‍ර නිකුත් කිරීම ඇතුළු කරුණු ගණනාවක් හේතුවෙන් මෙම තත්වය මතුවී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මත්පැන් අලෙවියෙන් වාර්ෂිකව රුපියල් බිලියන 300කට වඩා අධික වූ බදු ආදායමක් ලැබීමේ හැකියාව තිබිය දී මේ වනවිට සුරාබදු දෙපාර්තමේන්තුව මගින් බදු ලෙස රජයට උපයා දෙන්නේ රුපියල් බිලියන 170කටත් අඩු මුදලක් බව ද ඩලස් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා.

මහනුවර දී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ ඇල්කොහොල් සඳහා කෘතිම රා නිෂ්පාදනයේ දී ශරීර සෞඛයට අහිතකර නොයෙකුත් විෂ ද්‍රව්‍ය එක් කරන බවට රස පරීක්ෂක වාර්තා මගින් ද තහවුරු කර ඇති බවයි.

ශ්‍රී ලංකාවේ අළෙවි කරන රාවලින් 90%ක්ම නියමිත ප්‍රමිතියෙන් තොර වන අතර මේ හේතුවෙන් හෘදයාබාධ, පිළිකා ඇතුළු රෝග රැසක් වැළඳීමට හේතු වී ඇති බව ද හෙතෙම සඳහන් කළා.

මෙරට ඇතැම් කෘතිම රා නිෂ්පාදකයින් අලි නිර්වින්දනය කිරීම සඳහා යොදා ගන්නා නිර්වින්දන ඖෂධ පවා රා නිෂ්පාදනය සඳහා යොදා ගන්නා බවට තොරතුරු අනාවරණය වන අතර සුරාබදු දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව විධිමත් සොයා බැලීමක් කළ යුතුව තිබෙන බවයි ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍ර ලාභීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

සුරාබදු දෙපාර්තමේන්තුවේ ඇතැම් දූෂිත නිලධාරීන්ගේ සහයෝගය මත නීති විරෝධී මත්පැන් ජාවාරම රට පුරා සාර්ථකව ක්‍රියාත්මක වීම හේතුවෙන් මේ වනවිට 300% කින් පමණ නීති විරෝධී මත්පැන් ජාවාරම ඉහළ ගොස් තිබෙන බව ඔහු පෙන්වා දෙනවා.

නීතී විරෝධී මත්පැන් ජාවාරම නතර කිරීමට පියවර නොගත හොත් රජය අපේක්ෂා කරන බදු අදායම ලබා ගැනීමට නොහැකි වන බවද ඒ මහතා ප්‍රකාශ කළා.

ඇතැම් මත්පැන් නිෂ්පාදනාගාර හිමිකරුවන් විසින් සිල්ලරට මත්පැන් අළෙවි කිරීමේ මධ්‍යස්ථාන පවත්වාගෙන යන අතර අතීතයේදී සුරාබදු පනත සකස් කිරීමේදී මෙම ක්‍රියාව සඳහා වැට බැන්දේ දූෂණය අවම කිරීම සඳහා බව ඔහු පෙන්වා දුන්නා.

එහෙත් මේ වනවිට සුරාබදු නිලධාරීන් අමුඅමුවේ ම පනත උල්ලංඝනය කරමින් මත්පැන් නිෂ්පාදකයින්ට සිල්ලරට මත්පැන් විකිණීම සඳහා බලපත්‍ර ලබාදෙන බවයි ඔහු අවධාරණය කළේ.

දෙපාර්තමේන්තුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරිවරයා 2001 වසරේ දී මත්කුඩු හා අල්ලස් නඩුවක විත්තිකරුවෙකු වූ බවත් සාක්ෂිවල දුර්වලතාවක් මත නිදහස ලද ඔහු සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව කිසිදු පරීක්ෂණයක් සිදු නොකර සේවයේ පිහිටවූ බවත් හෙතෙම සඳහන් කළා.

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ අනුමැතිය නොමැතිව මත්පැන් බලපත්‍රයක් කුලියට දීම තහනම් වුවත් එවැනි දේ නිතර සිදු වන බව සහ ඇතැම් සුරාබදු නිලධාරීන්ට මෙය ඉල්ලමක් වී ඇති බව ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍ර ලාභීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළා.

නව අල්ලස් හා දූෂණ පනත කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි ඔහු කියාසිටියේ.

ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍ර ලාභීන්ගේ සංගමයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න විතානගේ මහතා මෙහිදී අදහස් දක්වමින් කියාසිටියේ සුවඳ විලවුන්, තීන්ත වැනි දේ නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා එතිල් ඇල්කොහොල් යොදා ගනිමින් ඇතැම් කුඩා පරිමාණයේ මත්පැන් නිෂ්පාදකයින් මත්පැන් නිෂ්පාදනය කරන බවයි.

එම මත්පැන් භාවිතයෙන් හෘදයාබාධ, පිළිකා වැනි රෝග තත්ත්වයන් ඇතිවීමේ අවධානමක් පැහැදිලි ලෙසම පවතින බව ද ඔහු පෙන්වා දුන්නා.

මේවා පාලනය කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව නිසි අවධානයක් යොමු නොකරන අතර දැඩි දඬුවම් ලබාදිය යුතු මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව අනුගමනය කරන්නේ සමථකරණයකට එළඹීම වැනි ක්‍රියා බවයි ප්‍රසන්න විතානගේ මහතා සඳහන් කළේ.

සංගමයේ සභාපති අජිත් උඩුගම මහතා මෙහිදී කියා සිටියේ ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කර ඇති නව අල්ලස් හා දූෂණ පනත ඉතාමත් කඩිනමින් ක්‍රියාත්මක කිරීමෙන් මේ තත්ත්වය යම් තරමකට හෝ සමනයට පත් කිරීමේ හැකියාව ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?