Empty Ad
Empty Ad
AFC Banner

කූඨ වීසා බලපත්‍ර මගින් යුරෝපයට පනින්න ගිය යුවළක් අත්අඩංගුවට

කූඨ ලෙස සකස් කළ ව්‍යාජ ජර්මානු වීසා බලපත්‍ර උපයෝගී කරගෙන යුරෝපය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු අද (26) උදෑසන කටුනායක ගුවන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

දසත ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ; මෙම සැකකරුවන් වව්නියාව නගරය අවට පදිංචිකරුවන් බවත් 26 හැවිරිදි තරුණයෙක් සහ 24 හැවිරිදි තරුණියක් මේ අතර සිටින බවයි.

ඔවුන් දෙදෙනා අද උදෑසන 07.10 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර ඔස්සේ නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර බලා පිටත්ව යාම සඳහා ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 281 දරන ගුවන් යානයට පිවිසීමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

සැකකරුවන් දෙදෙනා ගුවන් සේවා නිශ්කාශන කටයුතු නිමා කර, විගමන කටයුතු සඳහා අවශ්‍ය ලියකියවිලි ද රැගෙන යමින් සිටියදී , ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් , මොවුන් දෙදෙනාගේ ලියකියවිලි තාක්ෂණික පරීක්ෂා කිරීම් සිදු කිරීමට යොමු කෙරුණා.

එහිදී ඔවුන් සන්තකයෙහි පැවති ජර්මානු වීසා බලපත්‍ර කූඨ ලෙස සකස් කර ඇති බවත්, ඊට අමතරව මොවුන්ගේ ගමන් බලපත්‍රය තුළ ඇති ශ්‍රී ලංකා සහ ජර්මානු මුද්‍රා සියල්ල ව්‍යාජ ඒවා බවත් අනාවරණය වී තිබෙනවා.

පසුව මොවුන්ගෙගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී තරුණයාගේ වීසා බලපත්‍රය නෝර්වේ ජාතිකයෙකු විසින් ද තරුණියගේ වීසා බලපත්‍රය ඇයගේ මව විසින් ද සකස් කර දී ඇති බව, ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබුණා.

ඒ අනුව අත්අඩංගුවට ගත් මොවුන් දෙදෙනා මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සීසර්ලා එක්ක එකතුවෙලා OIC දාපු සෙල්ලම් මාට්ටු - මෙන්න හඬපටය
30:47
Video thumbnail
බලශක්ති ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
01:13
Video thumbnail
මොනවා නැතත් හැමදාම Show නම් දානවා - වසන්ත අද කියන පම්පෝරිය
05:50
Video thumbnail
විදුලි බිල අඩුකිරීම අවුරුද්ද පුරා කරන්න
07:37
Video thumbnail
චීනෙට ගුඩ් බායි කියා මහ රෑ දිවයින ආපු ජනපති
02:34
Video thumbnail
ජාතික කාන්තා එකමුතුව ෆයර් වෙයි - ආණ්ඩුව දාන වෙට්ටු වලට මේන් පිළිතුරු
09:46
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම චන්දන සූරියආරච්චි සහ සජබ පා.ම හෙක්ටර් අප්පුහාමි සහභාගීවන කස්තිරම
01:30:36
Video thumbnail
විදුලි බිලෙන් දුන්න සහනය ඉතා අගෙයි - මේකට බැරියර් දාන්න යන්න එපා
04:57
Video thumbnail
20% විදුලි බිල අඩු කළාටමහජන උපයෝගිතා කොමිසමට ස්තූතියි
06:14
Video thumbnail
කෝච්චි පෙට්ටියේ Massage කරන එක හොඳයිද? අපිලගේ සාදුට යකා වැහෙයි
05:05

?