AFC Banner
AFC Banner
Empty Ad

කූඨ ලෙස යතුරුපැදි ජාවාරමක යෙදුණු අයෙකු අල්ලයි

තීරුබදු රහිත ව හොර රහසේ ආනයනය කරන ලද යතුරුපැදි අපරාධ සඳහා ලබාදීමේ ජාවාරමක නිරත වූ බවට සැක කෙරෙන පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයාව අත් අඩංගුවට ගෙන ඇත්තේ හොරණ – කුඹුක, පිටවෙල ප්‍රදේශයේදියි.

මොරගහේන පොලිසිය සිදු කළ විමර්ශනයක දී මෙම සැකකරු අත් අඩංගුවට ගැනුණු අතර, ඔහු යතුරුපැදි අලුත්වැඩියා කාර්මික ශිල්පියෙක් ලෙසයි වාර්තා වන්නේ.

සැකකරු සන්තකයේ තිබී යතුරුපැදි 03ක්, චැසි 04ක් හා කූඨ ලෙස සැකසූ ලියාපදිංචි අංක තහඩු කිහිපයක් ද සොයා ගෙන තිබෙනවා.

මෙම යතුරුපැදි සැකකරු විසින් අපරාධ සඳහා යොදා ගෙන ඇති දැයි සොයා පොලිස් විමර්ශන ශ්‍රී ලංකා රේගු අධිකාරිය සහ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හරහා සිදු කෙරෙනු ඇති.

සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?