කූඨ ලෙස යතුරුපැදි ජාවාරමක යෙදුණු අයෙකු අල්ලයි

තීරුබදු රහිත ව හොර රහසේ ආනයනය කරන ලද යතුරුපැදි අපරාධ සඳහා ලබාදීමේ ජාවාරමක නිරත වූ බවට සැක කෙරෙන පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයාව අත් අඩංගුවට ගෙන ඇත්තේ හොරණ – කුඹුක, පිටවෙල ප්‍රදේශයේදියි.

මොරගහේන පොලිසිය සිදු කළ විමර්ශනයක දී මෙම සැකකරු අත් අඩංගුවට ගැනුණු අතර, ඔහු යතුරුපැදි අලුත්වැඩියා කාර්මික ශිල්පියෙක් ලෙසයි වාර්තා වන්නේ.

සැකකරු සන්තකයේ තිබී යතුරුපැදි 03ක්, චැසි 04ක් හා කූඨ ලෙස සැකසූ ලියාපදිංචි අංක තහඩු කිහිපයක් ද සොයා ගෙන තිබෙනවා.

මෙම යතුරුපැදි සැකකරු විසින් අපරාධ සඳහා යොදා ගෙන ඇති දැයි සොයා පොලිස් විමර්ශන ශ්‍රී ලංකා රේගු අධිකාරිය සහ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හරහා සිදු කෙරෙනු ඇති.

සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?