කුවේට් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

කුවේට් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් 54 දෙනෙකු යලි මෙරටට පිටුවහල් කර තිබෙනවා.

මොවුන් එරට වීසා නොමැතිව නීතිවිරෝධී ලෙස රැදී සිට තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.230 දරණ යානයෙන් අද(16) උදෑසන 06.45 ට කුවේට් රාජ්‍යයේ සිට මොවුන් පැමිණියා.මොවුන් සිය රැකියා ස්ථාන වලින් පළා ගොස් දීර්ඝ කාළයක් කුවේට් රාජ්‍යයේ වෙනත් ස්ථාන වල වැඩි වැටුපකට රැකියා වල නිරත වී සිට තිබෙනවා