කුවේට්වලින් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයින් 62ක් කටුනායකට

කුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව නීති විරෝධී ලෙස රැදී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් පිරිසක් පිටුවහල් කිරීමෙන් අනතුරුව අද (28) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ගෘහ සේවිකාවන් 62 දෙනෙක් මෙලෙස පිටුවහල් කර මෙරටට ඒවා ඇති බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම පිරිස අද (28) අලුයම 05.00ට කුවේට් රාජ්‍යයේ සිට පැමිණි අල් ජසීරා ගුවන් සේවයේ ජේ – 9555 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මොවුන් ගෘහ සේවය සඳහා ගිවිසුම් ගත නිවෙස්වලින් පලා ගොස්, කුවේට් රාජ්‍යයේ තාවකාලික නේවාසිකාගාරවල රැදී සිටිමින් විවිධ රැකියා ස්ථානවල සේවයේ නිරත වෙමින් වීසා නොමැතිව නීති විරෝධී ලෙස රැදී සිටි ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පිරිස පිළිබඳව එරට ආරක්ෂක අංශ සහ අධිකරණය සමඟ එක්ව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කර, ඔවුන්ට තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර සකස් කර මෙලෙස එරටින් පිටුවහල් කර එවා තිබුණා.

මේ ආකාරයට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මේ වනවිට 2,000 කට අධික ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් පිරිසක් ලියාපදිංචි වී සිටින බව එම තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34