AFC Banner
Empty Ad
Empty Ad

කුවේට්වලින් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයින් 62ක් කටුනායකට

කුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව නීති විරෝධී ලෙස රැදී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් පිරිසක් පිටුවහල් කිරීමෙන් අනතුරුව අද (28) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ගෘහ සේවිකාවන් 62 දෙනෙක් මෙලෙස පිටුවහල් කර මෙරටට ඒවා ඇති බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම පිරිස අද (28) අලුයම 05.00ට කුවේට් රාජ්‍යයේ සිට පැමිණි අල් ජසීරා ගුවන් සේවයේ ජේ – 9555 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මොවුන් ගෘහ සේවය සඳහා ගිවිසුම් ගත නිවෙස්වලින් පලා ගොස්, කුවේට් රාජ්‍යයේ තාවකාලික නේවාසිකාගාරවල රැදී සිටිමින් විවිධ රැකියා ස්ථානවල සේවයේ නිරත වෙමින් වීසා නොමැතිව නීති විරෝධී ලෙස රැදී සිටි ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පිරිස පිළිබඳව එරට ආරක්ෂක අංශ සහ අධිකරණය සමඟ එක්ව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කර, ඔවුන්ට තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර සකස් කර මෙලෙස එරටින් පිටුවහල් කර එවා තිබුණා.

මේ ආකාරයට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මේ වනවිට 2,000 කට අධික ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් පිරිසක් ලියාපදිංචි වී සිටින බව එම තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?