AFC Banner
Empty Ad
Empty Ad

කුවේටයෙන් ගෙන්වා නිරෝධායනය නොකළ මිල අධික පක්ෂීන් 14 ක් නාත්තන්ඩියේදී පොලිස් භාරයට

කුවේට් රාජ්‍යයේ සිට මෙරටට ගෙන්වූ මිල අධික පක්ෂීන් හැට දෙදෙනෙකු අතරින් නිරෝධායනයට යොමු නොකර, හොර රහසේ අලෙවි කළ පක්ෂීන් 14 දෙනෙකු සොයා ගැනීමට මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සමත් වුණා.

ඒ නාත්තන්ඩිය – දුනකදෙණිය ප්‍රදේශයේ ඊයේ සිදුකළ විශේෂ වැටලීමකදීයි.

පක්ෂීන් මෙරටට ආනයනය කිරීමේදී 1992 අංක 59 දරණ සත්ත්ව රෝග ආඥා පනත අනුව එම පක්ෂීන් කටුනායක – නයිකන්දේ පිහිටි සත්ත්ව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකළ යුතු වනවා.

ඒ අනුව මෙම පක්ෂීන් ද මාසයක කාලයක් එහි රඳවා තැබිය යුතු වූවත්, එහිදී අදාළ පක්ෂීන් හැට දෙදෙනාගෙන් නිරෝධායනයට යොමුකර ඇත්තේ පක්ෂීන් 42 දෙනෙකු පමණයි.

එයද පශු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණයෙන් තොරව සිදුකර ඇති බව අනාවරණ වනවා.

ඉතිරි පක්ෂීන් 20 දෙනා යුගලක් රුපියල් තුන්ලක්ෂ 50,000 බැගින් අලෙවි කර ඇති අතර, එලෙස අලෙවි කළ පක්ෂීන් 14 දෙනෙකු මෙලෙස සොයා ගැනීමට පොලීසිය සමත් වී තිබෙනවා.

ඉතිරි පක්ෂීන් 6 දෙනා වෙනත් පාර්ශවයකට ඒ වනවිටත් අලෙවි කර ඇති බව සඳහන්.

ඒ අනුව එම පක්ෂීන් මෙරටට ගෙන්වූ මහනුවර – නුගවෙල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගැනුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?