AFC Banner
Empty Ad
Empty Ad

කුලියාපිටියේ උපන්දින විහිළුව දුරදිග යයි

පාසල් සිසුන් පිරිසක් ඉකුත් 24 වැනිදා උපන්දින සැමරුමක් සිදුකරමින් විශාල මගීන් පිරිසක් ගමන් ගන්නා කුලියාපිටිය ප‍්‍රධාන උමං මාර්ගයේ බිත්තර විශාල ප‍්‍රමාණයක් කඩා එක් සිසුවකුගේ ශරීරයේ තවරා පාන් පිටි ආදිය තැවරීමක් සිදුකර තිබෙනවා.

මෙම සිදුවීම වීඩියෝ කරමින් අන් සිසුන්ට ද වැරදි පූර්වාදර්ශයක් ලබාදෙමින් එය සමාජ මාධ්‍යයේ ප‍්‍රසිද්ධ කළ ආසන්න සිදුවීම පාදක කර ගනිමින් කුලියාපිටිය නගර සභාවේ සභාපති, ලේකම් හා පරිපාලන නිලධාරීන්ගේ උපදෙස් මත  බස්නැවතුම ස්ථාන භාර නිලධාරීවරයා කුලියාපිටිය පොලිසියේ පැමිණිල්ලක් දැමීමට කටයුතු කර තිබෙනවා.

මෙසේ පැමිණිල්ලක් නොකළහොත් අදාළ විදුහලේ සිසුන් පමණක් නොව වෙනත් පාසල් සිසුන් ද එකී පිළිකුල් සහගත ක‍්‍රියාව සිදු කිරීමට ඉඩ ඇති බවයි
බස්නැවතුම ස්ථාන භාර නිලධාරීවරයා පවසන්නේ.

නගර සභාව එහිදී පොලිසියෙන් ඉල්ලා තිබුණේ සිසුන් හා විදුහල් බලධාරීන් කැඳවා සෙසු සිසුන්ගේ විනය ආරක්‍ෂා කරවීමත් නගරයේ පවිත‍්‍රතාව මෙන්ම මහජන පීඩාවත් සලකා පරපීඩක මානසිකත්වයකින් හෙබි අදාළ සිසු කණ්ඩායමට දැඩි අවවාද ලබා දෙන ලෙසයි.

එමෙන්ම දිගින් දිගටම මෙවැනි ක‍්‍රියා සිදුවේ නම් සෞඛ්‍ය අංශ ආරක්‍ෂක අංශවල මැදිහත්වීම ලබාගෙන අවශ්‍ය නම් අධිකරණය හරහා ඉල්ලීම් කර මානසික සායනයන්ට යොමුකරවීමටත් කටයුතු කළ යුතු බවට නගර සභාව ඉල්ලීම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
24
+1
109
+1
288
+1
23
+1
0
+1
15
+1
627
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?