කුලියාපිටියේ උපන්දින විහිළුව දුරදිග යයි

පාසල් සිසුන් පිරිසක් ඉකුත් 24 වැනිදා උපන්දින සැමරුමක් සිදුකරමින් විශාල මගීන් පිරිසක් ගමන් ගන්නා කුලියාපිටිය ප‍්‍රධාන උමං මාර්ගයේ බිත්තර විශාල ප‍්‍රමාණයක් කඩා එක් සිසුවකුගේ ශරීරයේ තවරා පාන් පිටි ආදිය තැවරීමක් සිදුකර තිබෙනවා.

මෙම සිදුවීම වීඩියෝ කරමින් අන් සිසුන්ට ද වැරදි පූර්වාදර්ශයක් ලබාදෙමින් එය සමාජ මාධ්‍යයේ ප‍්‍රසිද්ධ කළ ආසන්න සිදුවීම පාදක කර ගනිමින් කුලියාපිටිය නගර සභාවේ සභාපති, ලේකම් හා පරිපාලන නිලධාරීන්ගේ උපදෙස් මත  බස්නැවතුම ස්ථාන භාර නිලධාරීවරයා කුලියාපිටිය පොලිසියේ පැමිණිල්ලක් දැමීමට කටයුතු කර තිබෙනවා.

මෙසේ පැමිණිල්ලක් නොකළහොත් අදාළ විදුහලේ සිසුන් පමණක් නොව වෙනත් පාසල් සිසුන් ද එකී පිළිකුල් සහගත ක‍්‍රියාව සිදු කිරීමට ඉඩ ඇති බවයි
බස්නැවතුම ස්ථාන භාර නිලධාරීවරයා පවසන්නේ.

නගර සභාව එහිදී පොලිසියෙන් ඉල්ලා තිබුණේ සිසුන් හා විදුහල් බලධාරීන් කැඳවා සෙසු සිසුන්ගේ විනය ආරක්‍ෂා කරවීමත් නගරයේ පවිත‍්‍රතාව මෙන්ම මහජන පීඩාවත් සලකා පරපීඩක මානසිකත්වයකින් හෙබි අදාළ සිසු කණ්ඩායමට දැඩි අවවාද ලබා දෙන ලෙසයි.

එමෙන්ම දිගින් දිගටම මෙවැනි ක‍්‍රියා සිදුවේ නම් සෞඛ්‍ය අංශ ආරක්‍ෂක අංශවල මැදිහත්වීම ලබාගෙන අවශ්‍ය නම් අධිකරණය හරහා ඉල්ලීම් කර මානසික සායනයන්ට යොමුකරවීමටත් කටයුතු කළ යුතු බවට නගර සභාව ඉල්ලීම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
24
+1
109
+1
288
+1
23
+1
0
+1
15
+1
627
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09