යතුරුපැදි ජාවාරම් කළ අඹු – සැමි යුවළක් අත්අඩංගුවට

පොළොන්නරුව, හම්බන්තොට, ඇල්ල වැනි විදේශීය සංචාරකයින් ගැවසෙන ස්ථානවල දෛනිකව කුලී පදනම මත ලබාදීමට තිබෙන යතුරුපැදි දෛනික කුලියට මිල දී ගෙන; එම යතුරුපැදි සඳහා ව්‍යාජ පොත් සකසා විකිණීමේ ජාවාරමක් හෙළි ව තිබෙනවා.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරක් මත කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් සිදුකළ වැටලීමක දී ඊයේ (09) රාත්‍රියේ මෙම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔවුන් සන්තකයේ තිබී නොයෙකුත් ජාවාරම් සඳහා භාවිත කරන ව්‍යාජ ලෙස සකස් කළ හැඳුනුම්පත්, වාහනවල පොත් සහ ලියකියවිලි රැසක් හා එම ලියකියවිලි සකස් කිරීම සඳහා යොදා ගන්නා පරිගණක උපාංග සහ මුද්‍රිත උපාංග රැසක් අත්අඩංගුවට ගැනුණා.

ඒ අතර ජාවාරමින් ව්‍යාජ ලෙස දෛනික කුලී මත ලබා ගන්නා ලද යතුරුපැදි දෙකක් ද අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරුවන් දෙදෙනා වෙනත් අපරාධවලට සම්බන්ධතාවක් ඇත්ද යන්න පිළිබඳ ව වැඩිදුරටත් සොයා බැලීම සඳහා අද (10) දින කොළඹ අපරාධ කොට්ඨාසය වෙත යොමු කර ඇති අතර ඉදිරියේ දී අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමු කිරීමට නියමිතයි.

මෙම සැකකරුවන් පොළොන්නරුවේ පදිංචිකරුවන් බවත් අඹු – සැමියන් ලෙස දිවයිනේ විවිධ ප්‍රදේශවල මාසික කුලී පදනමට ලබා ගන්නා ස්ථානවල පදිංචි වෙමින් අදාළ ජාවාරම සිදු කරගෙන යන බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42


?