ඊයේ (06) රාත්‍රී කාලයේ කුරුඳුවත්ත විජේරාම මාවතේදී සිදුවූ රිය අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විජේරාම හන්දිය දෙසට ධාවනය වූ අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් යතුරු පැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරනවා.
ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ක පුද්ගලයෙක් බවද පොලිසිය පවසනවා.













