කුරුණෑගල – පුත්තලම මාර්ගයේ පාදෙණියේ මාරක අනතුරක් – කතක් මරුට

කුරුණෑගල – පුත්තලම ප්‍රධාන මාර්ගයේ වාරියපොළ, පාදෙණිය ප්‍රදේශයේ දී අද (30) අලුයම සිදු වූ අනතුරකින් වයස අවුරුදු 80ක පමණ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගම්පොළ ප්‍රදේශයේ සිට පුත්තලම තබ්බෝව ප්‍රදේශය බලා ගමන් කුඩා ප්‍රමාණයේ වෑන් රථයක් එහි රියදුරුට නින්දයාම හේතුවෙන් අසළ තිබූ බෝක්කුවක ගැටිමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුර සිදුවන අවස්ථාවේ දී එහි හය දෙනෙකු ගමන්කරමින් සිට ඇති අතර, ඒ අතර සති 02ක් වයසැති බිළිඳෙක් ද සිට තිබෙනවා.

අනතුරින් ජීවිතක්ෂයට පත් වූ කාන්තාවගේ මෘත ශරීරය වාරියපොළ රෝහලේ මේ වනවිට තැම්පත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තුවාල ලැබූවන් නිකවැරටිය සහ කුරුණෑගල රොහල්වලට ප්‍රතිකාර සඳහා යොමුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
0
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?