කුරුණෑගල – අනුරාධපුර මාර්ගයේ අනතුරකින් සිව්හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට

ගල්ගමුව පොලිස් වසමේ කුරුණෑගල – අනුරාධපුර මාර්ගයේ ගස් හන්දිය අසලදී ත්‍රිරෝද රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී සිදුවූ අනතුරකින් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය පැවසුවේ ඊයේ (07) පස්වරුවේ පාදෙණිය ප්‍රදේශයේ සිට අනුරාධපුර දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.

එහිදී තුවාල ලැබූ ත්‍රිරෝද රථය පැදවූ පුද්ගලයා සහ කාන්තාවක්, දැරියන් දෙදෙනෙක් ඇතුළු තවත් කුඩා දරුවෙකු ගල්ගමුව සහ අනුරාධපුර රෝහල්වෙත ඇතුළත් කර තිබෙනවා.

අනතුරෙන් මියගිය දරුවා වයස අවුරුදු 04ක කුඩා දරුවෙක් බවයි වාර්තා වන්නේ.

ගල්ගමුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?