කුර්දිස්ථානේ සිරගේක නිරපරාදේ දුක්විඳින අපේ ඩොමිනා

කුර්දිස්ථාන් රාජ්‍යයේ ශ්‍රී ලාංකික කාන්තාවක් වසරක පමණ කාලයක සිට සිර ගත කර තිබෙනවා. අප රටේ විදේශ කටයුතු අමාත්‍යංශය ඒ සඳහා තවම මැදිහත් වී නැහැ – සංජය මහවත්ත

ඉරාකයට අයත් කුර්දිස්ථාන් නමැති රාජ්‍යයේ සිර කඳවුරක ශ්‍රී ලාංකික කාන්තාවක් වසරක පමණ කාලයක සිට සිර ගත කර ඇති අතර විදේශ කටයුතු අමාත්‍යාංශය මෙතෙක් ඒ පිළිබඳව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි සිංහල රාවය පක්ෂයේ විදේශ කටයුතු ලේකම් සංජය මහවත්ත පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ පසුගියදා දෙහිවල බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.
අගතා වත්ත , නාරම්මල කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි දෙදරු මවක් වන ඩොමිනා ඊබට් ද සිල්වා නමැති කාන්තාව කිසිදු චෝදනාවක් නොමැතිව ඉරාකයේ කුර්දිස්ථාන් රාජ්‍යයේ සිර කර ඇති බවත් , එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෝ මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය මේ වන තුරු කිසිදු මැදිහත්වීමක් සිදු කර නැතැයි සංජය මහවත්ත පවසයි.

ඇය විදේශගත ප්‍රසිද්ධ වෙළඳ සමාගමක සේවය කර ඇති අතර එම සමාගමේ ඇති වී ඇතැයි කියන සීනි වංචාවක් පිළිබඳව මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් එම සමාගමේ සියලුම සේවකයන් අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී ඉන්දියානු සහ නේපාල ජාතිකයන්ද සිට ඇති අතර එම රටවල විදේශ සම්බන්ධතා හරහා ඔවුන්ව මාස තුනක් වැනි කෙටි කාලයක් තුළදී නිදහස් කර ගෙන ඇත. නමුත් ශ්‍රී ලාංකික කාන්තාවක් වන ඩොමිනා ඊබට් ද සිල්වා නමැති කාන්තාව වෙනුවෙන්, අප රට කිසිදු මැදිහත්වීමක් සිදු නොකිරීම හේතුවෙන් තවම ඇයව සිරගත කර සිටී.

රිසානා නෆීක්ට මෙන්ම තුංගසේන නමැති අය වෙත මින් පෙර ඇති වූ සිද්ධීන් පිළිබඳව සලකා බැලීමේදී අප රටේ විදේශ කටයුතු අමාත්‍යංශයෙන් යම් මැදිහත් වීමක් සිදු වුනා නම් රිසානා නෆීක්ව මරණ දඬුවමින් බේරා ගැනීමට සහ තුංගසේනටද කස පහර හිමි වන්නේ නැහැ.

ඩොමිනාගේ මෙම සිද්ධියට වසරක් ගත වී ඇතත්, රාජ්‍යතාන්ත්‍රික වශයෙන් මේ වෙනුවෙන් මැදිහත්වීමක් නොවීම නිසා ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබෙනවා. ආරක්ෂක ලේකම්වරයා පවා ඩොමිනා නම් කාන්තාව නිදහස් කර ගැනීමට විදේශ කටයුතු අමාත්‍යාංශ වෙත ලිඛිතව දැනුම් දී ඇතත් එය ක්‍රියාත්මක නොවීම කණගාටුවක්.

ජාත්‍යන්තර ළමා දිනය පසුගියදා අප සැමරුවත් මෙරට දරුවන් දෙදෙනෙකු විදේශ රටක සිරගතව සිටින තම මව එනතුරු බලා සිටිනවා. රිසානා නෆීක්ගේ මරණ දඬුවම සහ තුංගසේනට ලැබුණු කස පහරවල් වැනි සිදුවීම් මගින් ලංකාවේ විදේශ සබඳතා සම්බන්ධයෙන් කළු පැල්ලම් එකතු වූ සිදුවීම් ලෙස දකින්න පුළුවන්.ඩොමීනා නැමැති රටවිරු දෙදරු මවගේ සිද්ධියද කළු පැල්ලමක් එකතු නොකර සාධාරණ ලෙස විසඳුණු ඇතැයි බලාපොරොත්තු වන බව සිංහල රාවය පක්ෂයේ විදේශ කටයුතු ලේකම් සංජය මහවත්ත වැඩිදුරටත් පැවසීය.

ඩොමිනා නිදහස් කරන මෙන් ඉල්ලා විදේශ කටයුතු අමාත්‍යංශය වෙත ආරක්ෂක ලේකම් යැවූ ලිපිය.

11

ඩොමිනා ඊබට් ද සිල්වාගේ විදේශ ගමන් බලපත්‍රයේ ඡායා පිටපතක්.

22
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09