ඇල්ල පොලිස් වසමේ කුඹල්වෙල මහමෙවුනා අසපුව අසල රක්ෂිත භූමියක ඊයේ (04) රාත්‍රියේ ගිනි ගැනීමක් සිදුව තිබෙනවා.
ගිනි නිවන ඒකකයේ නිලධාරීන්, පොලිස් නිලධාරින්, ත්‍රිවිධ හමුදා නිලධාරින් සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් එක්ව ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව එම ගින්න මැඩ පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.
ගිනි ගැනිම හේතුවෙන් ජීවිත හෝ දේපළ හානි කිසිවක් සිදුව නොමැති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
ඇල්ල පොලිසිය වැඩිදුර විමර්ශනය සිදුකරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













