කුඩු අංජුගේ ගෝලයෝ එක්ක එකතු වෙලා කාන්තාවක් පොලිසියට පෙන් වු අමුතු සෙල්ලම

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන රත්මලානේ කුඩු අංජු නැමැත්තාගේ, ගෝලයෙකු වන ධර්මසිරි නැමැති පුද්ගලයා සමඟ සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන යමින් මත්කුඩු ජාවාරමෙන් උපයා ගන්නා මුදල් බැංකු ගත කරමින් කටයුතු කළ කාන්තාවක් ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී රුපියල් දහඅට ලක්ෂ හැත්තෑ පන්දහසක මුදලක්, බැංකු පොත් දෙකක්, විදේශ ගමන් බලපත්‍රයක් සහ හෙරොයින් වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05ක් ඇය සන්තකයේ තිබී සොයා ගැනුණා.
අඟුලාන පොලීසියට ලද තොරතුරක් මත සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර 31 වන වියේ පසුවන ඇය මැදපෙරදිග රැකියාවක නියුතුව සිට පැමිණ ඇති බවට අනාවරණය වී තිබෙනවා. සැකකාරිය අද (31) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?