කුකුල් මස් කන්නේ බලාගෙනයි

මාඔය පිටාර ගැලීමෙන් යටවූ බව කියන කුකුල් ගොවිපළක මිය ගිය කුකුලන් එක්ලක්ෂ පහළොස් දහසක් පමණ පරිභෝජනයට නුසුදුසු නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයෙන් වළ දැමීමට ඊයේ (11) පස්වරුවේ කටයුතු කර තිබෙනවා.

මාඔය පිටාර ගැලීමෙන් මීරිගම ප‍්‍රදේශයේ මස් පිණිස කුකුලන් ඇති කිරීමේ කුකුල් ගොවිපළක කුකුලන් එක්ලක්ෂ පහළොස් දහසක් පමණ මිය ගොස් තිබිණි.

ජල මට්ටම පහව යෑමෙන් පසුව මිය ගිය කුකුලන් නැවත විකිණීම පිණිස ලොරි රථවලට පටවන බවට මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ලද මහජන පැමිණිල්ලකට අනුව මීරිගම සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ මීරිගම පොලිසිය විසින් වටලනු ලැබීය.

මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් එහි යන විටත් ලොරි රථවලට මියගිය කුකුලන් පටවමින් තිබිණි.

නිලධාරින්ගේ ප‍්‍රශ්න කිරීම් හමුවේ ඔවුන් පවසා සිටියේ මෙම සතුන් වල දැමීම පිනිස රැගෙන යන බවයි.

කෙසේ වෙතත් නිලධාරීන් නියෝග කළේ මිය ගිය සතුන් ගොවිපළෙන් පිටතට රැගෙන යෑමට නොහැකි බවයි.

ඒ අනුව අදාළ ගොවිපළ පිහිටි ඉඩමේ ජලය පිරීම නිසා වළවල් කැපීමට නොහැකි බව එහි කළමනාකාරිත්වය නිලධාරීන්ට දැනුම් දෙන ලදී.

ඒ අනුව ගොවිපළ ආසන්නයේම ඇති ඉඩමක මිය ගිය කුකුලන් වැළලීමට ඉඩමේ හිමිකරු සමග සාකච්ඡාවකින් පසුව ඇතිකර ගත් එකඟතාවකින් පසුව ඒ සඳහා ස්ථානීය පරීක්ෂණයකින් පසුව නිලධාරීන්ගේ අවසර හිමිවිය.

පසුව නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් යුතුව කුකුලන් වළ දැමීම සිදු කරන ලදී.

යම් හෙයකින් මෙම කුකුලන් වෙළෙඳ පොළට මුදා හැරියේ නම් ගං වතුර උවදුරට වඩා විශාල ව්‍යසනයක් සිදු වීමට ඉඩ තිබූ බව සෞඛ්‍ය අංශ පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !