කිවි සටනට එක් වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ (නිවේදනය)

සංචාරක නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට එක් වන ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් ක්‍රීඩක සංචිතය නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල නිවේදනයක් අද (16) දිනයේ දී නිකුත් කරමින් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ අනුමැතිය ලත් ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියට නම් කර ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදි ධනංජය ද සිල්වා විසින් මෙහෙයවනු ලබනවා.

ඉන් අනතුරුව දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ඇන්ජිලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කමිඳු මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, ඕෂධ ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර, ප්‍රභාත් ජයසූරිය, රමේෂ් මෙන්ඩිස්, ජෙෆ්‍රි වැන්ඩර්සේ සහ මිලාන් රත්නායක ඊට ඇතුළත්.

මෙම ටෙස්ට් තරගාවලිය එළඹෙන 18 වැනි දා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පෙරවරු 10ට ආරම්භ වනු ඇති.

එමෙන්ම තරගාවලියේ පළමු තරගය ක්‍රීඩා ලෝලීන් හට නොමිලේ නැරඹීමේ අවස්ථාව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සලසා ඇති බවටයි පසුගියදා (13) නිවේදනය කර තිබුණේ.

නවසීලන්ත කණ්ඩායමේ නායකත්වය ටිම් සවුති විසින් හොබවනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
2
+1
3
+1
1
+1
0
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?