Empty Ad
AFC Banner
Empty Ad

කිවි වේග පන්දු යවන්නා ටෙස්ට් පිටියට සමුදෙයි

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩක ටිම් සවුති ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

තමන් එළඹෙන එංගලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව සමුගන්නා බවයි සවුති නිවේදනය කර සිටින්නේ.

වසර 18ක කාලයක් සවුති ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලෙන වේග පන්දු යවන්නෙක්.

ඔහු සිය ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ මංගල ටෙස්ට් තරගය ද ආරම්භ කරන්නේ එංගලන්තයට එරෙහිව 2008 වර්ෂයේ දීයි.

35 හැවිරිදි සවුති මේ වනවිට ටෙස්ට් තරග 104කට ක්‍රීඩා කර ඇති අතර කඩුලු 385ක් බිඳ හෙලා තිබෙනවා.

ඔහුගේ හොඳම ටෙස්ට් පන්දු යැවීම ලෙස දැක්වෙන්නේ ලකුණු 64කට කඩුලු 07ක් බිඳ හෙලීමයි.

ටිම් සවුති මෑතකදී නවසීලන්ත කණ්ඩායමේ ටෙස්ට් නායකයා වශයෙන් කටයුතු කරමින් සිට ඉන් ඉල්ලා අස්වුණා.

ඒ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය පරාජයට පත්වීමෙන් අනතුරුවයි.

ඒ අනුව එළඹෙන එංගලන්ත සංචාරය පැවැත්වෙන සිය උපන් බිම වූ හැමිල්ටන් හි දී ටිම් සවුති විශ්‍රාම යාමට නියමිතව තිබෙනවා.

ටිම් සවුති යනු තරග 104ක දී ටෙස්ට් කඩුලු 385ක් දවාගෙන ඇති නවසීලන්ත ක්‍රීඩකයින් අතරින් ශ්‍රීමත් රිචඩ් හැඩ්ලිට (කඩුලු 431) පමණක් දෙවැනි වන එකම ක්‍රීඩකයායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
1
+1
1
+1
6
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිගාවත්තට ගිහින් සජිත් කතා කරද්දී සජිත්ගේ පිටියට ආපු ප්‍රබලයා
20:00
Video thumbnail
පන්නල බලය අල්ලන්න පුටුවෙන් එන තරුණයාගේ කතාව
29:34
Video thumbnail
බටලන්දේ ඇසින් දුටු සාක්ෂියක් CIDයට එයි
08:18
Video thumbnail
රාජාංගනේ හිමිට වැඩ වරදියි - දැන් එයාගේ නම අනුර සුසන්ත ද සිල්වා
18:13
Video thumbnail
ඇමති නලින්ද හා මාධ්‍යවේදියා ඇවිලෙයි - සුපිරි ජාවාරම නිසා කැබිනෙට්ටුව උණුසුම් වෙයි
02:42
Video thumbnail
පුටුවෙන් ඡන්දේ ඉල්ලනවා කියලා මගේ නම දාලා - මොනවද මේ කැත වැඩ
03:53
Video thumbnail
විමල්ට උත්තර දෙන්න හඳුන් මාධ්‍ය කැඳවයි - ඇමතිට මාධ්‍ය හමුවේ හොඳටම තදවෙයි
17:17
Video thumbnail
මහ ඇමති කරපු දේ එළියට ආපු හැටි - අකුරක් නෑර මෙන්න හැමදේම එක පෙළට
04:29
Video thumbnail
සම්බාධක ගැන කැබිනට් ප්‍රකාශක කට අරියි
03:40
Video thumbnail
මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයට ඇමති දීපු උත්තරේ
03:06
<p>?</p>