කිලෝ 1000 ඉක්ම වූ බීඩිකොළ තොගයක් මොහෙයුම් කිහිපයක දී නාවික හමුදා භාරයට (ඡායාරූප)

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය හා එක්ව සිදු කළ මෙහෙයුමක දී නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩිකොළ තොගයක් සොයා ගැනීමට සමත් ව තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළේ මෙම මෙහෙයුම පෙරේදා (07) දිනයේ සිට ඊයේ (08) දවස පුරා ම සිදු කෙරුණු බවත්; එහිදී මීගමුව , කල්පිටිය හා සිලාවතුර යන ප්‍රදේශවල දී බීඩිකොළ මෙලෙස සොයාගෙන ඇති බවයි.

එහිදී කිලෝග්‍රෑම් 1222කට අධික බීඩිකොළ තොගයක් සොයාගෙන තිබෙනවා.

මේ සියල්ලම මුහුදු මාර්ගයෙන් ගෙන්වූ ඒවා බවත්; එබැවින් සියල්ල තෙත බරිත තිබූ බවත් නාවික හමුදාව පවසනවා.

මෙම වැටලීමේ දී ලොරි රථයක් සහ ඩිංගි යාත්‍රා දෙකක් ද නාවික හමුදා භාරයට ගැනුණා.

බටහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනය මගින් පෙරේදා දින මීගමුව කලපු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක දීයි සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් පරික්‍ෂා කර, එම ඩිංගි යාත්‍රාවේ තිබූ උර හයක අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් එක්සීය පනහක පමණ තොගයක් සොයා ගැනුණේ.

පසුව වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය, කල්පිටිය පොලීසිය හා එක්ව ‍ඊයේ දින කල්පිටිය අල්මන්නාරම ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, එම ප්‍රදේශයේ නවතා තිබූ ලොරි රථයක, උර හයක අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් 185ක පමණ තොගයක් සමඟ එම ලොරි රථය ද නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කල්පිටිය සේරක්කුලිය හා සින්නඅරච්චි ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හි දී ද සෝදිසි මෙහෙයුමක් පැවැත්වූ අතර එහිදී, මුහුදේ පාවෙමින් තිබූ උර හයක අසුරන ලද බීඩී කොළ කිලෝග්‍රෑම් 198ක පමණ තොගයක්(තෙත බර සහිත) සහ මුහුදේ අතහැර දමන ලද ඩිංගි යාත්‍රාවක තිබී උර 16ක අසුරන ලද බීඩී කොළ කිලෝග්‍රෑම් 548ක පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණා.

එමෙන්ම, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනය මගින්, සිලාවතුර පන්ඩාරවෙලි වෙරළ ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක දී, එම වෙරළට ගසාගෙන විත් තිබූ උර 02ක අසුරන ලද බීඩී කොළ කිලෝ 141 ග්‍රෑම් 400 ක පමණ තොගයක් (තෙත බර සහිත) ඇතුළුව, මෙම සොයාගත් මුළු බීඩිකොළ ප්‍රමාණයේ බර කිලෝ 1222යි ග්‍රෑම් 400ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

මෙම මෙහෙයුම් මගින් අත්අඩංගුවට ගත් බීඩි කොළ තොගය, ලොරි රථය සහ ඩිංගි යාත්‍රා දෙක මීගමුව සුරාබදු දෙපාර්තමේන්තුව, කල්පිටිය පොලිස් ස්ථානය, වයඹ පළාත් විශේෂ සුරාබදු ඒකකය සහ මන්නාරම සුරාබදු ස්ථානය වෙත ඉදිරි නීතිමය කටයුතු සඳහා භාරදීමට කටයුතු කර තිබෙනවා.

5
4
3
2 1
1 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34