කිලෝ පහේ හාල් මල්ල පිරෙන්නම අයිස් – අයෙක් ගුවන්තොටේ දී අල්ලයි (ඡායාරූප)

රුපියල් හත් කෝටි තුන් ලක්ෂ හැටහතර දහසක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර ගුවන් මගියාගේ ගමන් මල්ලේ සහල් ඇසුරුමක් තුළ සඟවා මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙනවිත් ඇති බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු මෙම සැකකරු ගොතටුව ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි වියේ පසුවන කුකුළු ගොවිපළක් පවත්වා ගෙන යමින් සිටින ව්‍යාපාරිකයෙක්.

මොහු ඊයේ (26) උදෑසන 09.30 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල පරික්ෂා කිරීමේ දී ඒ තුළ තිබූ සහල් මල්ලක සඟවා තිබිය දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05යි ග්‍රෑම් 26ක ප්‍රමාණයක් හමු වී තිබෙනවා.

මේ අතර මෙම පුද්ගලයා ගුවන් තොටුපොළෙන් රැගෙන යාමට ගුවන් තොටුපොළ වෙත මෝටර් රථයකින් පැමිණි තවත් පුද්ගලයෙන් දෙදෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

වෑබොඩ ප්‍රදේශයේ 36 හැවිරිදි ටැක්සි රථ රියැදුරෙක් සහ ඔහුගේ සහායිකාව ලෙස 33 හැවිරිදි වාද්දුව ප්‍රදේශයේ පදිංචි තරුණියක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් ඔවුන් පැමිණි මෝටර් රථය සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය ද සමඟ අද (27) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

එහිදී ඔවුන්ගෙන් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීම සදහා අවසර ලබාගැනීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?