කිලෝ පහේ හාල් මල්ල පිරෙන්නම අයිස් – අයෙක් ගුවන්තොටේ දී අල්ලයි (ඡායාරූප)

රුපියල් හත් කෝටි තුන් ලක්ෂ හැටහතර දහසක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර ගුවන් මගියාගේ ගමන් මල්ලේ සහල් ඇසුරුමක් තුළ සඟවා මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙනවිත් ඇති බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු මෙම සැකකරු ගොතටුව ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි වියේ පසුවන කුකුළු ගොවිපළක් පවත්වා ගෙන යමින් සිටින ව්‍යාපාරිකයෙක්.

මොහු ඊයේ (26) උදෑසන 09.30 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල පරික්ෂා කිරීමේ දී ඒ තුළ තිබූ සහල් මල්ලක සඟවා තිබිය දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05යි ග්‍රෑම් 26ක ප්‍රමාණයක් හමු වී තිබෙනවා.

මේ අතර මෙම පුද්ගලයා ගුවන් තොටුපොළෙන් රැගෙන යාමට ගුවන් තොටුපොළ වෙත මෝටර් රථයකින් පැමිණි තවත් පුද්ගලයෙන් දෙදෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

වෑබොඩ ප්‍රදේශයේ 36 හැවිරිදි ටැක්සි රථ රියැදුරෙක් සහ ඔහුගේ සහායිකාව ලෙස 33 හැවිරිදි වාද්දුව ප්‍රදේශයේ පදිංචි තරුණියක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් ඔවුන් පැමිණි මෝටර් රථය සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය ද සමඟ අද (27) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

එහිදී ඔවුන්ගෙන් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීම සදහා අවසර ලබාගැනීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34