කිලෝ ගණනින් හෙරොයින් සහ අයිස් සමඟ දෙදෙනෙක් බෝකුන්දර දී STF දැලේ

හෙරොයින් කිලෝ 02 ග්‍රෑම් 106ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 478ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පිළියන්දල පොලිස් වසමේ බෝකුන්දර හන්දිය අසලදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (05) උදෑසන මෙම අත්අඩංගුවට ගැනීමට සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අවුරුදු 24 හා 25 වයස්වල පසුවන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වුණේ.

මොවුන් අත්අඩංගුවට ගැනීමේ දී යතුරුපැදියක් සහ ජංගම දුරකථන දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
7
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?