කිලිනොච්චිය,උදයනගර් ප්රදේශයේ 28 වැනිදා අලුයම සිදුවු වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ(29) අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි.
පොලිසිය පැවසූවේ දෙපිරිසක් අතර කලෙක පටන් පැවති ආරවුලක් මත වෙඩි තැබීම සිදුව ඇති බවට අනාවරණය වු බවයි.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෝටර් රථයක ගමන්කළ පුද්ගලයෙකු වෙත කොටන තුවක්කුවකින් වෙඩි තැබීම සිදුකොට තිබු අතර, සිද්ධියෙන් කිලිනොච්චිය,උදයනගර් ප්රදේශයේ පදිංචි 38 හැවිරිදි සින්නයියා වසන්තකුමාර් නමැත්තෙකු තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කෙරිණ.
සැකකරුවන් වෙඩි තැබීම වෙනුවෙන් පැමිණි යතුරුපැදිය හා වෙඩි තැබීමට යොදාගත් කොටන තුවක්කුවද සඟවා තිබියදී පොලිස් නිළධාරීන් විසින් සොයාගෙන තිබිණ.
සැකකරුවන් කිලිනොච්චිය තිරුනගර් ප්රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු වන අතර, සැකකරුවන් කිලිනොච්චිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
