කිරිපිටි හිඟය තවත් මාසයක් ?

කිරිපිටි කිලෝවක මිල රුපියල් 200 කින් වැඩි කිරීමට ජීවන වියදම් කමිටුව හරහා ඉල්ලීමක් කර ඇති බවත් එම මිල වැඩිවීම ලබන අඟහරුවාදා වන විටවත් නොවුණ හොත් කිරිපිටි සැපයුම සාමාන්‍ය තත්වයට පත්වීමට තවත් මාසයක් පමණ ගතවීමට ඉඩ ඇතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මහතා පැවසීය.

වරායේ තිබෙන කිරිපිටි ඉක්මණින්ම මුදානොගත හොත් නරක් වීමේ ඉඩකඩ ඇති බවත් වර්තමාන වෙළෙඳපොලේ කිරිපිටි ඉල්ලුමෙන් සියයට 10 ක පමණ ප්‍රමාණයක් ඇති බවත් කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය කියයි.

කිරිපිටි ආනයනකරුවන් ආනයනය කළ කිරිපිටි ටොන් විශාල ප්‍රමාණයක් ඩොලර් හිඟය නිසා නිදහස් කරගැනීමට නොහැකිව වරායේ සිරවී ඇති බව කී ලක්‍ෂ්මන් වීරසූරිය මහතා අගමැතිතුමා කඩිනමින් වරායෙන් බහලුම් නිදහස් කිරීමට උපදෙස් දුන්න ද ගෙවීම් කිරීම ගැටලුකාරී වී තිබෙන බව සඳහන් කළේය.
ඩොලරයට සාපේක්ෂව පිටි මිල රුපියල් 200 කින් වැඩි කළ ද පාඩුව අඛණ්ඩව සිදුවන නිසා රුපියල් 350 කින් වැඩි කරන ලෙස ඉල්ලීම කළ බවත් මෙම තත්වය හමුවේ නැවත මාස හයකින් පමණ මිල වැඩි කිරීමට සිදුවනු ඇති බවත් ලක්‍ෂ්මන් වීරසූරිය මහතා වැඩි දුරටත් කීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනං මනං කතා වැඩක් නෑ ඥානසාර හිමි නිදහස් කරන්න - ජනපතිට බොහොම කාරුණිකව කියන්නේ
03:24
Video thumbnail
පොදු වැසිකිළිය පවා ඉබ්බෝ දලා ලොක් කරන තරමට බංකොළොත්වෙලා - කඩාකප්පල්කාරී වැඩ කරන්න එපා
06:56
Video thumbnail
ඇතුන් ටික ම#ණ මහ මොළකාරයා ලාල්කාන්ත තමයි ? ලාල්කාන්ත කියන න#රියා ඉවත් විය යුතුයි
03:54
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් පා ගමනේ යන හිමිවරුන් - භික්ෂූන් එක පෙළට වඩින අයුරු
02:19
Video thumbnail
පොලිසිය අසත්‍ය කරුණු වාර්තා කරමින් තහනම් නියෝගය අරගෙන - හිටපු නැති හිමිවරුන්ගේ නමුත් දාලා ?
05:51
Video thumbnail
කාවන්තිස්ස ඇතා මියයාම ඝා#තනයක් - ඝා#කයෝ නිදැල්ලේ..නිලධාරින් වංචනිකව මඟ හැරියා
06:32
Video thumbnail
හාර්ඩ්වෙයාර් එකක හදිසියේම ඇතිවූ මහ ගින්න - ගින්න නිවන්න ගිනි නිවීමේ රථත් ගෙන්වයි
00:53
Video thumbnail
අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි - තද සුළං, ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
00:41
Video thumbnail
සංවර්ධනය මුවාවෙන් රුවන්වැලිසෑයේ චෛත්‍යය වටේට වැටක් ඉදිකරන්න යන්නේ ?ජීවිත පූජා කරලා අපි නතර කරනවා
11:40
Video thumbnail
කාවන්තිස්ස හස්තියාට සෙනෙහසින් සමුදුන් සියඹලන්ගමුවේ ජනතාව - අත් එකතු කරලා වදිනවා
00:56