කිරිපිටි මිල ඉහළට : වෙළෙදපොලේ කිරිපිටි හිඟය තවදුරටත්

මිල්කෝ සමාගම හයිලන්ඩ් කිරි පිටි ග්‍රෑම් 400 පැකැට්ටුවක මිල රුපියල් 625ක් දක්වා ඉහළ දමා තිබෙනවා. එම සමාගම මේ දිනවල නිෂ්පාදනය කරන කිරි පිටි ඇසුරුම්වලට මෙම නව මිල ඇතුළත් කර තිබේ.

අප්‍රේල් මස 01 වැනිදා සිට සතොස හරහා හයිලන්ඩ් කිරි පිටි මිලදී ගත හැකි බවට මිල්කෝ සමාගම පැවසුවද වෙළෙඳ පොළේ එම කිරිපිටි හිඟයක් පවතී.