කිරිපිටි, තිරිඟුපිටි, සිමෙන්ති සහ ගෑස් මිල ඉහළ දැමීමට ජීවන වියදම් කමිටුවේ අනුමැතිය

කිරිපිටි, තිරිඟුපිටි, සිමෙන්ති සහ ගෑස් මිල ඉහළ නැංවීමට ජීවන වියදම් කමිටුව අද අනුමැතිය ලබාදී ඇති බව ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, එය ක්‍රියාත්මක වන්නේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට යටත්වයි.

එමෙන්ම, සහල් මිල සහ ළඳරු කිරිපිටි මිල ඉහළ නොදැමීමට ජිවන වියදම් කමිටුව තීරණය කර තිබෙනවා.

කමිටුව නිර්දේශ කර ඇත්තේ ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 200කින්, තිරිඟු පිටි කිලෝවක් රුපියල් 10කින්, සිමෙන්ති කොට්ටයක් රුපියල් 50කින් ඉහළ දැමීමටයි.

ගෑස් මිල රුපියල් 550කින් වැඩි කළ යුතු බවට ජිවන වියදම් කමිටුවේදී නිර්දේශ වී තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම මිල වැඩි වීම සිදුකරන්නේ ද නැද්ද යන්න පිළිබඳව තීරණය කරනු ලබන්නේ ලබන සඳුදා රැස්වන අමාත්‍ය මණ්ඩලය විසින්.

බදු සහන ලබාදීමට ඇති හැකියාව පිළිබඳව අමාත්‍ය මණ්ඩලය විමසා බලනු ඇති බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළා.

ජිවන වියදම් කමිටුව අද අනුමත කළ මිල ගණන් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුවහොත් කිරිපිටි කිලෝ ග්‍රෑමයක නව මිල රුපියල් 1145ක් වනවා.

කිලෝ ග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 1050ක් පමණ වනු ඇති.

කෙසේ වෙතත්, රුපියල් 200ක මිල වැඩිවීමක් යටතේ වෙළඳපොලට කිරිපිටි සාමාන්‍ය සැපයුමක් සිදුකළ නොහැකි බව ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සාමාජික ලක්ෂ්මන් වීරසූරිය සඳහන් කළේ රුපියල් අවප්‍රමාණය වීමේ ප්‍රතිශතය අනුව රුපියල් 350ක වත් මිල වැඩිවීමක් අවශ්‍ය බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
21
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද QR ක්‍රමයට වැල්ලවායේ තෙල් බෙදන හැටි..
02:03
Video thumbnail
ඉස්ලාම් බැතිමතුන් අද නෝම්බි අවුරුදු උත්සවය සමරපු හැටි..Happy Eid Mubarak
01:34
Video thumbnail
"වනචාරි අනුබුදු ගුණ බෙලෙන් යුද ගිණි නිවේවා" මිහින්තලේ හිමි පොසොන් උත්සවයේ තේමාව ගැන කිව්ව දේ
05:52
Video thumbnail
කොල්ලෙකුට මහ පාර මැද පොල්ලකින් ග#පු පොලිසිය.."ග#පු පාරට කොල්ලගේ දත් දෙකකුත් කැ#ලා"
02:45
Video thumbnail
ඉස්සරහට අමාරු කාලේකට මුහුණ දෙන්න වෙනවා
01:22
Video thumbnail
ගාමිණි දිසානායක අද හිටියා නම් මේ ආණ්ඩුවට උපදෙස් දෙනවා
01:44
Video thumbnail
අපි කිව්ව දේවල් ඇහුවා නම් රටට මෙහෙම වෙන්නේ නෑ
05:27
Video thumbnail
ලංකාවේ King Cobra අනුර කුමාර - කට ඇරියොත් නයි අරිනවා
03:16
Video thumbnail
අද අපි අනාථ වෙලා - අපි නාකි වෙනවා
04:36
Video thumbnail
ගාමිණි දිසානායක ගුණ සැමරුමේ දී සජිත් සංවේදී වෙයි
03:19