පාස්කු ප්‍රහාරයෙන් මියගිය අය සිහිකිරීම සඳහා ලබන අප්‍රේල් 21 වන දින පෙරවරු 8.45 සිට විනාඩි දෙකක නිහඬතාවක් ආරක්ෂා කරන ලෙස අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලා සිටිනවා.
මේ අතර ලබන අප්‍රේල් 21 වනදා කතෝලික සභාවට අයත් දිවයිනේ සියලු කතෝලික පාසල් සඳහා නිවාඩු ලබාදෙන බව කාදිනල් හිමියන් පවසා සිටියා.
මේ අතර කාදිනල් හිමිපාණන් එහිදී වැඩිදුරටත් පැවසුවේ, තමන් ඊයේ (18) පැවසූ දේ වැරදියට තේරුම් ගෙන ඇති බවයි.
එහිදී තමන් සඳහන් කළේ මෙවැන්නක් බව උන්වහන්සේ වැඩි දුරටත් සඳහන් කළා.
”අන්තර් ජාතික බලපෑම් කරන දේශපාලනික බලවේග ගැනයි මම කිව්වෙ මම කිව්වෙ නෑමේ රටේ අහවල් පක්ෂෙ අහවල් දේශපාලන නායකයෝ ඒගොල්ල ගැන මං කතා කරන්න ගියේ නෑ”





