‘කිඹුලාඇලේ ගුණාගේ’ මත් ජාවාරමට සම්බන්ධ අයෙක් ඇතුළු තිදෙනෙක් STF අත්අඩංගුවට (ඡායාරූප)

විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කිඹුලාඇලේ ගුණාගේ, මෙරට මත්ද්‍රව්‍ය බෙදාහරින කණ්ඩායමේ සාමාජිකයකු ඇතුළු තිදෙනෙක් ඊයේ (14) සිදුකළ වැටලීමක දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරකට අනුව සේදවත්ත – වැල්ලම්පිටිය ප්‍රදේශයේ මෙම වැටලීම සිදුකර ඇති අතර, මෙහිදී වයස අවුරුදු 40ක පුද්ගලයෙකු අයිස් ග්‍රෑම් 26 මිලි ග්‍රෑම් 100ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම පුද්ගලයා සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සොයාබැලීමේ දී මේ වන විට විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කිඹුලාඇලේ ගුණාගේ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ අයෙක් බවටයි හඳුනාගෙන ඇත්තේ.

මෙම සැකකරු සමඟ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 26 මිලි ග්‍රෑම් 150 සන්තකයේ තබාගෙන සිටි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38ක පුද්ගලක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරිම සඳහා අනුබලදීම සම්බන්ධයෙන් මාදම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29ක පුද්ගලයෙක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සන්තකයේ තිබී සොයාගත් අයිස් මත්ද්‍රව්‍යවල වටිනාකම රැපියල් ලක්ෂ අටක් පමණ වන බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

WhatsApp Image 2022 10 15 at 7.24.42 AM 2
WhatsApp Image 2022 10 15 at 7.24.40 AM 1 1
WhatsApp Image 2022 10 15 at 7.24.40 AM 3
WhatsApp Image 2022 10 15 at 7.24.41 AM 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57