AFC Banner
Empty Ad
Empty Ad

කැළණිය සරසවි සිසුන්ගෙන් කොරෝනා මැසිවිල්ලක්

නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ නොමැතිව කැළණිය විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය විභාග කටයුතු පැවැත්වීමට සූදානම් වන බවට එම විශ්ව විද්‍යාලයේ සිසුන් චෝදනා කරනවා. ලබන 01 වනදා සිට එම විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ සහ සමාජ විද්‍යා පීඨයේ සිසුන් සඳහා විභාග පැවැත්වීමට සූදානම් කර ඇති අතර එය පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ප්‍රායෝගික නොවන බවයි සිසුන් පවසන්නේ. මේ හේතුවෙන් විශ්ව විද්‍යාලය වෙත පැමිණිමට සිසුන් බොහොමයක් අකමැත්ත පළ කර තිබෙනවා. 

විභාගයට පෙනී සිටින සිසුවියකගේ පියෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හදුනා ගැනීමත් සමග තමන් මුහුණ පා ඇති අසීරුතාව සම්බන්ධයෙන් ඇය හැඩූ කඳුලින් නෙත් නිවුස් වෙත මෙලෙස කරුණු දැක්වූවා.

මේ සම්බන්ධයෙන් කැළණි විශ්ව විද්‍යාලවේ ප්‍රධාන ශිෂ්‍ය කටයුතු අධ්‍යක්ෂකවරයාගෙන් සිසුන් විමසීමක් කළ අතර ඔහු ලබා දුන්නේ මෙවන් පිළිතුරක්.

සෙසු පීඨවල විභාග කටයුතු ඔන්ලයින් ඔස්සේ පවත්වන ආකාරයෙන් මානව ශාස්ත්‍ර පීඨය සහ සමාජ විද්‍යා පිඨයේ විභාගද පවත්වන ලෙසයි එම පීඨවල සිසුන් කැළණිය විශ්ව විද්‍යාල පාලනාධිකාරයෙන් ඉල්ලීමක් කළේ.

කැළණි විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ සහ සමාජ විද්‍යා පීඨයේ සිසුන් නගන මෙම මැසිවිල්ල සම්බන්ධයෙන් නෙත් නිවුස් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංගගෙන් විමසීමක් කළා. ඔහු දැක්වුයේ මෙවන් ප්‍රතිචාරයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?