කැස්බෑවන් මියයාම ගැන විශේෂ විමර්ෂණයක්

අසාමාන්‍ය ලෙස කැස්බෑවන් මියයාම තවදුරටත් සිදුවනවා. ඒ පිළිබඳ විශේෂ විමර්ෂණ ක්‍රියාත්මක බවයි වනජීවි නිලධාරීන් පවසන්නේ. අසාමාන්‍ය ලෙස මියගිය කැස්බෑවෙකු ගලකිස්ස වෙරළ තීරයට අද උදෑසන ගොඩගසා තිබුණා.

මෙම කැස්බෑවාගේ කටුව පුපුරාගොස් ඇති අතර විශාල ප්‍රමාණයේ කැස්බෑවෙකු මෙසේ මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කැස්බෑවන් මියයාමේ සිදුවීම් රැසක් මේ දිනවල වාර්තා වනවා. ගාලුමුවදොර මුහුදු තීරයට මියගිය කැස්බෑවුන් පස් දෙනෙකු දෙහිවල , වැල්ලවත්ත මුහුදු තීරයට දෙදෙනෙකු ගොඩ ගසා තිබුණා.ඔවුන්ගේ සිරුරේ කොටස් පුපුරා ගොස් තිබීණි. ගැඹුරු මුහුදේ ඩයිනමයිට් වැනි පිපිරීමක් සිදු කිරීම හේතුවෙන් මෙම සතුන් මිය යන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?