කඩුවෙල, වැලිවිට කැලණි ගඟේ පාලම අසලින් අද (20) උදැසන නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් හමුව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් කඩුවෙල පොලිසිය පසුව මොවුන් කඩුවෙල පොලිස් ස්ථානය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් පැමිණ එම ස්ථානය පරීක්ෂණ කටයුතු සිදු කර ඇති අතර එහිදී මෙම පුද්ගලයාගේ මුදල් පසුම්බිය පරීක්ෂා කර ඔහුගේ ජාතික හැඳුනුම්පතේ පිටපතක් සොයා ගැනීමට හැකිව ඇති බව වාර්තා වනවා.
ඒ අනුව මෙම පුද්ගලයා වයස අවුරුදු තිස් අටක් වන දොම්පේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවට තහවුරු වී තිබෙනවා.
පසුව ඔහුගේ ඥාතීන් පැමිණ මරණකරුව හඳුනාගෙන ඇති අතර, මෙම සියදිවි නසාගැනීමක් බවට බවට පොලිසිය සැකකරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1













