කැලණිවැලි දුම්රිය මාර්ග රක්ෂිතයේ අනවසර පදිංචිකරුවන් ප්‍රතිස්ථාපනය කිරීමට අනුමැතිය

කොළඹ තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතිය යටතේ මාළිගාවත්ත ලොකෝ මංසන්ධියේ සිට පාදුක්ක දුම්රිය ස්ථානය දක්වා දුම්රිය මාර්ග රක්ෂිතය තුළ අනවසර පදිංචිකරුවන්හට නිවාස හෝ වන්දි හෝ ලබා දී ප්‍රතිස්ථාපනය කිරීම සඳහා 2024‑08‑05 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව, නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස සංකීර්ණවලින් මිල දී ගත් නිවාස ඒකක 694ක පදිංචි කිරීම් මේ වන විටත් අවසන් කර ඇති අතර, තවත් නිවාස ඒකක 144ක් නාගරික සංවර්ධන අධිකාරියෙන් ලැබීමට නියමිතව ඇති බවත් සඳහන්.

නාගරික සංවර්ධන අධිකාරියේ නිවාස යෝජනා ක්‍රම නොමැති මහරගම, හෝමාගම හා පාදුක්ක යන ප්‍රදේශවල අනවසර පදිංචිකරුවන් නැවත පදිංචි කිරීම සඳහා කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩමක නිවාස ඒකක 120ක නිවාස සංකීර්ණයක් ඉදිකරමින් පවතින අතර, එහි වැඩ කටයුතු මේ වන විට නිම වෙමින් පවතිනවා.

ඒ අනුව, එකී නිවාස සංකීර්ණයේ පදිංචි කිරීමට නියමිත ප්‍රතිලාභින්හට ඔප්පු ලබා දීමට හැකි වන පරිදි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් කොට්ටාව මාලපල්ල හි පිහිටි ඉඩම සහ ඒ තුළ පිහිටි නිවාස සංකීර්ණය රජයේ ඉඩම් ආඥාපනතේ 6(1) වගන්තියෙහි විධිවිධාන පරිදි නිදහස් දීමනාවක් වශයෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත පවරා දීමටත්, තෝරාගනු ලබන ප්‍රතිලාභීන්ට වැය බරක් නොවන පරිදි අදාළ ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමටත් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34