AFC Banner
AFC Banner
Empty Ad

කැලණිවැලි දුම්රිය මාර්ග රක්ෂිතයේ අනවසර පදිංචිකරුවන් ප්‍රතිස්ථාපනය කිරීමට අනුමැතිය

කොළඹ තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතිය යටතේ මාළිගාවත්ත ලොකෝ මංසන්ධියේ සිට පාදුක්ක දුම්රිය ස්ථානය දක්වා දුම්රිය මාර්ග රක්ෂිතය තුළ අනවසර පදිංචිකරුවන්හට නිවාස හෝ වන්දි හෝ ලබා දී ප්‍රතිස්ථාපනය කිරීම සඳහා 2024‑08‑05 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව, නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස සංකීර්ණවලින් මිල දී ගත් නිවාස ඒකක 694ක පදිංචි කිරීම් මේ වන විටත් අවසන් කර ඇති අතර, තවත් නිවාස ඒකක 144ක් නාගරික සංවර්ධන අධිකාරියෙන් ලැබීමට නියමිතව ඇති බවත් සඳහන්.

නාගරික සංවර්ධන අධිකාරියේ නිවාස යෝජනා ක්‍රම නොමැති මහරගම, හෝමාගම හා පාදුක්ක යන ප්‍රදේශවල අනවසර පදිංචිකරුවන් නැවත පදිංචි කිරීම සඳහා කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩමක නිවාස ඒකක 120ක නිවාස සංකීර්ණයක් ඉදිකරමින් පවතින අතර, එහි වැඩ කටයුතු මේ වන විට නිම වෙමින් පවතිනවා.

ඒ අනුව, එකී නිවාස සංකීර්ණයේ පදිංචි කිරීමට නියමිත ප්‍රතිලාභින්හට ඔප්පු ලබා දීමට හැකි වන පරිදි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් කොට්ටාව මාලපල්ල හි පිහිටි ඉඩම සහ ඒ තුළ පිහිටි නිවාස සංකීර්ණය රජයේ ඉඩම් ආඥාපනතේ 6(1) වගන්තියෙහි විධිවිධාන පරිදි නිදහස් දීමනාවක් වශයෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත පවරා දීමටත්, තෝරාගනු ලබන ප්‍රතිලාභීන්ට වැය බරක් නොවන පරිදි අදාළ ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමටත් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර ලැබුණු ඔත්තුව #live #dasathamidnewstoday #dasathanews
00:51
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
03:02:27
Video thumbnail
අපි ඔක්කොම එක අම්මාගේ දරුවෝ වගේ එක පොදු විපක්ෂයක් හදනවා...
13:32
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර වැඩබලන පොලිස්පතිට ලැබුණු ඔත්තුව
05:29
Video thumbnail
ගමෙන් ගමට නැවත එන නාමල් - "රැවටිච්ච මිනිසුන්ට තේරෙනවා හැමදාම රැවටෙන්න බෑ කියලා"
07:42
Video thumbnail
සුමන්තිරන් කරන්න යන වැඩක් ගැන සැකයක්...
03:49
Video thumbnail
මේසේට හයියෙන් තට්ටු දාපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු
17:08
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:42
Video thumbnail
රටේ හරක් ටික දක්කන්න කෙවිට අතට ගත් වනවාසී රාහුල හිමි | Open Heart with Wanawasi Rahula thero EP :07
32:34
Video thumbnail
ඊගාවට බලයට එන්නේ අපි තමයි
06:37

?