කැරම් බෝඩ් නඩුව අප්‍රේල් 23 යළි කැඳවන ලෙස නියෝගයක්

ක්‍රීඩා අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කළ කාලයේ දී ක්‍රීඩා අමාත්‍යාංශයේ මුදල් වැය කර කැරම් බෝඩ් 1000ක් සහ දාම් බෝඩ් 1000ක් මිල දී ගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා කාර්යාලවලට ක්‍රීඩා උපකරණ ලබා දී ඇති බවට අදාළව මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු තිදෙනෙකුට ගොනු කර ඇති නඩුව ලබන අප්‍රේල් 23 වැනිදාට කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියෝග කළා.

එමෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශයේ රුපියල් මිලියන 39කට අධික මුදලක් අවභාවිත කළ බවට කියන සිද්ධියට අදාළ නීතිපති උපදෙස් එදිනට කැඳවන ලෙස ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් නඩුව අද (20) විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නැතැයි අධිකරණයට දැනුම්දුන්නා.

ඒ අනුව නීතිපතිවරයාට සිහි කැඳවීමක් නිකුත් කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරිය නඩුව ඉදිරි දින දක්වා කල් තබන ලෙසයි නියෝග කළේ.

පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෙම නඩුව 2015 දී පවරා ඇති අතර නඩුවේ විත්තිකරුවන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු තිදෙනා අධිකරණයේ අද පෙනී සිටියා.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ක්‍රීඩා අමාත්‍යාංශයේ මුදල් වැය කර කැරම් බෝඩ් දහසක් සහ දාම් බෝඩ් දහසක් මිල දී ගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා කාර්යාලවලට එම උපකරණ ලබා දී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ, හිටපු සතොස සභාපති කර්මාන්ත ඇමති නලින් රුවන්ජීව ප්‍රනාන්දු, චමින්ද හර්ෂජිත් යන අයට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය චෝදනා ගොනු කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කර ඉදිරි නඩු දිනයේ දී ප්‍රගතිය වාර්තා කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?