කැබතිගොල්ලෑව SSPගේ අර්ධ වාර්ෂික පරීක්ෂණයට, දැන්වීමක් ප්‍රදර්ශනය කරමින් නිලධාරීන්ගෙන් සල්ලි එකතු කරන ගලෙන්බිදුනුවැව පොලිසිය – Photos

පොලිස් ලොක්කෝ ගන්න සමහර තීරණ නිසා පොලිස් පොඩ්ඩෝ හැමදාමත් අමාරුවේ වැටෙන සිදුවීම් ඕනේ තරම් අපිට අහන්න දකින්න ලැබෙනවා. පහත් තැනින් ජලය ගලා බසිනවා කියන කතාව අද සමාජයට කදිමෙට ගැලපෙනවා. සාමාන්‍ය මිනිස්සුන්ට වගේම පොලිසියේ නිලධාරීන්ටත් මේ කාලේ හරිම අමාරුයි.

කාටත් වගේ ඒ අයටත් ආර්ථික අමාරුකම් දැනෙනවා ඇති. මේ කියන්න යන්නේ ලොකු මහත්වරුන්ගෙන් බැනුම් අහන්න දඩුවම් විදින්න බැරි නිසා ලැබෙන වැටුපටත් තට්ටු වුණු සිදුවීමක් ගැනයි. ගලෙන්බිදුනුවැව පොලිසියේ මුදල් එකතු කිරීමක් සම්බන්ධව ඡායාරූපයක් අප වෙත ලැබුණා.එහි සඳහන්ව තිබෙන්නේ එක් එක් නිලධාරීන් ගෙවිය යුතු මුදලක් සම්බන්ධව පොලිසියේ පලකර ඇති දැන්වීමක් සම්බන්ධවයි.

කැබතිගොල්ලෑව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අර්ධ වාර්ෂික පරීක්ෂණය වෙනුවෙන් යන වියදම් සඳහා එහි නිලධාරීන්ගෙන් මෙම මුදල් අයකර ගැනීමට මෙම දැන්වීම පලකර තිබෙනවා.

කෙසේ වෙතත් පොලිසිය තුල එවැනි මුදල් එකතු කිරීමක් සිදුකළ නොහැකි බවයි අප පොලිසියෙන් කළ විමසීමකදී පැවසුවේ. මෙවන් අර්ධ වාර්ෂික පරීක්ෂණ සිදුකිරීමට පොලිසිය සතුව මුදල් නොමැති නිසාත් නිලධාරීන්ද අසරණභාවට පත්වන බව නොරහසක්. මක් නිසාද යත් ඉහළ නිලධාරීන් පැමිණි පසු ඉටියෙන් හෝ මැටියෙන් මෙය සිදුකර තිබිය යුතුවීම හේතුවෙන්. යම් හෙයකින් මෙය නිසි ආකාරයකින් සිදු කර ගැනීමට අපොහොසත් වුවහොත් අදාල නිලධාරීන්ට සිදුවන්නේ තමන්ගේ ෆයිල් එකට ලිපියක් යෑම හෝ ස්ථාන මාරුවක් ලබාගැනීමටයි.

එවන් පසුබිමක ඇතැම් නිලධාරීන් ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ගෙන්, ලී මෝල්කරුවන්ගෙන්, වැලි ජාවාරම්කරුවන්ගෙන් හෝ නීති විරෝධී ව්‍යාපාර කරන පුද්ගලයන්ගෙන් අතමාරු ගැනීමට පත්වීම නැවතිය නොහැකිය.

තමන්ට ලැබෙන වැටුපෙන් පොලිසියේ වැඩ පවා මෙලෙස කිරීමට සිදුවීමද කණගාටුවට කරුණක්. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප කැබතිගොල්ලෑව පොලිසියෙන් කළ විමසීමකදී පැවසුවේ මේ සම්බන්ධ පරීක්ෂනයක් ඉදිරියේදී සිදුවනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40