AFC Banner
AFC Banner
Empty Ad

කැනඩා රැකියා පෙන්වා මුදල් ගැරූ වෛද්‍යවරයාට ඇප දීම ප්‍රතික්ෂේප වෙයි

කැන­ඩාවේ රැකියා සඳහා යවන බව පවසා කෝටි හත­කට ආසන්න මුද­ලක් වංචා කළැයි කියන සිද්ධි­යක් සම්බන්ධ­යෙන් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිටින ආනන්ද අබේ­රත්න වෛද්‍ය­ව­ර­යාට ඇප දීම කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ප්‍රති­ක්ෂේප කර තිබෙනවා.

සැක­ක­රුට එරෙ­හිව පැමි­ණිලි 100කට අධික ප්‍රමා­ණ­යක් ලැබී ඇති බවට කොළඹ වංචා විම­ර්ශන කොට්ඨා­සය ඉදි­රි­පත් කළ කරුණු සලකා බැලී­මෙන් අන­තු­රුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ඊයේ (27) මෙම නියෝ­ගය නිකුත් කළා.

සැක­කාර වෛද්‍ය­ව­රයා වෙනු­වෙන් පෙනී සිටි නීති­ඥ­ව­රයා ඇප දෙන ලෙස අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි අවස්ථාවේ ජන­තා­ව­ගෙන් ගෙන තිබෙන සියලු මුදල් ගෙවා නිම කළ පසු ඇප දීමට සලකා බලන බව මහේස්ත්‍රාත්වරයා දැනුම්දුන්නා.

සැක­ක­රු­ගෙන් කට­උ­ත්තර ගැනී­මට අවශ්‍ය ප්‍රති­පා­දන වංචා විම­ර්ශන කොට්ඨා­ස­යට දෙන ලෙස ද මහේස්ත්‍රාත්වරයා බන්ධ­නා­ගාර නිල­ධා­රීන්ට නියෝග කළා.

ඒ අනුව සැක­කාර වෛද්‍ය­ව­රයා ලබන 11 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙසයි අධිකරණය නියෝග නිකුත් කළේ.

ජාඇළ ප්‍රදේ­ශයේ පදිංචි ශ්‍රියානි මන­ම්පේරි නමැති නීති­ඥ­ව­රි­ය­ක ද මේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර තිබූ අතර, ඇයට පෙර නඩු වාර­යේ දී අධි­ක­ර­ණ­යෙන් ඇප නියම කෙරුණා.

සැක­කාර පාර්ශ්වය වෙනු­වෙන් නීතිඥ ජගත් අබේ­නා­යක මහතා අධි­ක­ර­ණයේ පෙනී සිටි බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
8
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?