කැනඩාව සමඟ ඇති වෙළෙඳ සාකච්ඡා වහාම අත්හිටුවීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්

කැනඩාව සමඟ ඇති වෙළෙඳ සාකච්ඡා වහාම අත්හිටුවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඒ අනුව සතිය තුළ කැනඩාවේ ආනයන කරනු ලබන භාණ්ඩ සඳහා නව තීරුබදු අනුපාතයක් ක්‍රියාත්මක කරන බව ට්‍රම්ප් ජනධිපතිවරයා සඳහන් කරනවා.

එළඹෙන ජුලි මාසයේ මැද භාගය වන විට කැනඩාව සමඟ වෙළෙඳ ගිවිසුමකට එකඟ වීමට කටයුතු කරමින් සිටින අතර තුර ට්‍රම්ප් මෙම තීරණය ගෙන තිබීම විශේෂත්වයක්.

කැනඩාව විසින් ඇමරිකානු තාක්ෂණ සමාගම් සඳහා නව ඩිජිටල් සේවා බද්ධක් පනවන බවට නිවේදනය කර ඇති බවත් එය ඇමරිකාවට සෘජු ප්‍රහාරයක් බවත් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් පවසනවා.

එමෙන්ම වසර ගණනාවක් පුරා කිරි නිෂ්පාදන සඳහා ගොවීන්ගෙන් 400%ක තීරුබදු කැනඩාව විසින් අයකරගෙන ඇති බවත් කැනඩාව යනු වෙළෙඳාම් කිරීමට ඉතා අපහසු රටක් බවත්, ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

ඒ, අනුව වහාම ක්‍රියාත්මක වන පරිදී කැනඩාව සමඟ වෙළඳ සාකච්ඡා අවසන් කරන බවත් සතියක කාලයක් තුළ තීරුබදු සම්බන්ධව කැනඩාව දැනුවත් කිරීමට කටයුතු කරන බවයි ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
3
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34