පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 08 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නායකයා සමත් වුණා.
ඒ, අනුව ශ්‍රී ලංකා නායකයා තීරණය කළේ පල්ලේකැලේ පිටියේ පළමුව පන්දු රැකීමටයි.
මේ අතර අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකර ඇති බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක සඳහන් කළා.
ඒ අනුව වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මදුෂාන් වෙනුවට දුෂ්මන්ත චමීර කණ්ඩායමට කැඳවා ඇති අතර, කුසල් ජනිත් වෙනුවට ආරම්භක පිතිකරු කමිල් මිෂාර අද තරගයට කැඳවා තිබෙනවා.
මේ අතර එංගලන්ත නායක හැරී බෲක් සඳහන් කර සිටියේ තම කණ්ඩායමේ කිසිඳු වෙනසක් සිදුනොවන බවත්, මුලික වටයේ අවසන් තරගය සඳහා ක්‍රීඩා කළ කණ්ඩායමම අද තරගය සඳහා ද ක්‍රීඩා කරන බවයි.



