කාසියේ වාසිය ශ්‍රී ලංකාවට – පළමුව පිත්ත අතට ගනී

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නායකයා සමත් වුණා.

ඒ, අනුව ධනංජය ද සිල්වා තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු කැඳවා ඇති බවයි වාර්තා වුණේ.

එමෙන්ම බංග්ලාදේශ කණ්ඩායමට ශකිබ් අල් හසන් කැදවා ඇති බවයි බංග්ලාදේශ නායකයා සඳහන් කළේ.

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය මෙය වන අතර, තරගය පැවැත්වෙන්නේ බංග්ලාදේශයේ චැතග්‍රොම්වලයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !