සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියානු කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (12) පැවැතවෙයි.
ඒ අනුව අද තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටය.
තරගය බැංගලෝර් ක්‍රිඩාංගණයේ දී අද පස්වරු 02.00ට ආරම්භවීමට නියමිතය.
දිවා රාත්‍රි තරගයක් ලෙස මෙම තරගය පැවැත්වෙන අතර දෙරට අතර පැවැත්වෙන පළමු දිවා රාත්‍රි තරගය මෙය බව සඳහන් වේ.
තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ඉන්දියාව ජයග්‍රහණය කිරීමත් සමග ඔවුන් මේ වන විට තරගාවලියේ ඉදිරියෙන් පසුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1